(නිමල කොඩිතුවක්කු)
‘‘විද්‍යොදය සාහිත්‍ය සම්මාන ප‍්‍රදානය - 2019’’ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයීය සුමංගල මන්දිරය කියවීම් ශාලාවේදී හෙට (3) පස්වරු 3.00 සිට පැවැත්වේ.
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයීය සිංහල හා ජනසන්නිවේදන අධ්‍යනාංශය සංවිධානය කෙරෙන විද්‍යොදය සාහිත්‍ය සම්මාන ප‍්‍රදානයේ ප‍්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙන සේවාර්ජිත මහාචාර්ය සුනිල් ආරියරත්න මහතා විසින් මුඛ්‍ය දේශනය සිදුකිරීමට නියමිතය.
ශ‍්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ 60 වන සංවත්සරයට සමගාමීව මෙම සම්මාන ප‍්‍රදානෝත්සවය පැවැත්වේ.
2000 වර්ෂයේ දී සේවාර්ජිත මහාචාර්ය සුනිල් ආරියරත්න මහතාගේ සංකල්පයකට අනුව දිවංගත ජ්‍යෙෂ්ඨ මහාචාර්ය තිස්ස කාරියවසම් මහතාගේ පූර්ණ සහයෝගයෙන් විද්‍යෝදය සාහිත්‍ය සම්මාන උළෙල ආරම්භ කෙරිණි.
ශ‍්‍රී ලංකාවේ විශ්ව විද්‍යාලයක් මඟින් පවත්වන ජාතික මට්ටමේ ප‍්‍රථම හා එකම සාහිත්‍ය සම්මාන ප‍්‍රදානෝත්සවය මෙය වන අතර මෙම සම්මාන ප‍්‍රදානෝත්සවය අවසන් වරට 2015 දී පැවැත්විණි.
විශිෂ්ටතම කාව්‍ය සංග‍්‍රහය, විශිෂ්ටතම ගේය පද සංග‍්‍රහය, විශිෂ්ටතම කෙටිකථා සංග‍්‍රහය, විශිෂ්ටතම නවකතාව සහ විශිෂ්ටතම තීරු ලිපි සංග‍්‍රහය යන විෂය ඛාණ්ඩ පහක් යටතේ මෙවර සම්මාන ප‍්‍රදානය කිරීමට නියමිතය.
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
විද්‍යොදය සාහිත්‍ය සම්මාන ප‍්‍රදානය හෙට