IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


ෆවුසිට ඇප

(මනෝප්‍රිය ගුණසේකර)

ආපදා කළමණාකරණ කටයුතු විධිමත් කිරීම සඳහා නෙදර්ලන්තයෙන් ලබාදී තිබු ලෑන්ඩ් කෲසර් රථයක් සිය පෞද්ගලික පරිහරණයට යොදා ගැනීමෙන් රජයට රුපියල් ලක්‍ෂ 10 කට අධික පාඩුවක් කළ බවට හිටපු රාජ්‍ය අමාත්‍ය ඒ.එච්.එම්.ෆවුසි මහතාට අධි චෝදනා පත්‍ර බාරදුන් කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා ඔහු ඇප මත මුදාහැරීමටද නියම කළේය.

රුපපියල් 25000/-ක මුදල් හා රුපියල් ලක්ෂ 05 බැගින් වටිනා ඇපකරුවන් දෙදෙනෙකුගේ ශරීර ඇප මත විත්තිකාර ඒ.එච්.එම්.ෆවුසි මහතා මුදා හැරීමට නියම කළ විනිසුරුවරයා අධිකරණයේ අවසරයකින් තොරව විදේශ ගතවීම තහනම් කරමින් කොන්දේසියක්ද පැනවීය.

ආපදා කළමණාකරණ කටයුතු විධිමත් කිරීම සඳහා නෙදර්ලන්තයෙන් ලබාදී තිබු ලෑන්ඩ් කෲසර් රථයක් 2005 වසරේ සිට 2010 වසර දක්වා කාලසීමාව තුළ පාවිව්වි කිරීම මඟින් රජයට රුපියල් ලක්‍ෂ 10 කට අධික පාඩුවක් කළ බවට හිටපු රාජ්‍ය ඇමති ඒ.එච්.එම්.ෆවුසි මහතාට එරෙහිව අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් නඩු පවරා තිබිණී.

අධිකරණයෙන් නිකුත් කළ සිතාසියකට අනුව නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී විත්තිකරු අධිකරණයේ පෙනී සිටියේය.

ඒ අවස්ථාවේදී විත්තිකරුට එරෙහි අධිචෝදනා පත්‍රය විවෘත අධිකරණයේදී ඔහුට බාරදුන්නේය.

ආපදා කළමණාකරණ කටයුතු විධිමත් කිරීම සඳහා නෙදර්ලන්තයෙන් 2010 නොවැම්බර් 10 වැනිදා අපදා කළමණාකරන අමාත්‍යංශයට ලෑන්ඩ් කෲසර් රථයක් ඇතුළු රුපියල් කෝටි දෙකක් පමණ වටිනා වාහන පහක් ලබාදී තිබු බවත් එසේ ලබාදිී තිබු ලෑන්ඩ් කෲසර් රථයක් වසර හතරක කාලයක් පුරා පාවිව්වි කිරීම මඟින් රජයට පාඩු කළ බවට අල්ලස් කොමිසම අධිකරණයට දැනුම් දී තිබිණී.

විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරු කරුණු ඉදිරිපත් කරමින් අධිකරණයෙන් නිකුත් කළ සිතාසියකට අනුව අධිකරණයේ පෙනී සිටි තම සේවාදායකයාට ඇප නියම කරන්නැයි ඉල්ලා සිටියේය.

ඉදිරිපත් වු කරුණු සළකා බැලීමෙන් අනතුරුව විත්තිකරුට ඇප නියම කළ විනිසුරුවරයා නඩු විභාග දිනවලදී අධිකරණයේ පෙනී සිටීමටද නියම කළේය.



අදහස් (5)

ෆවුසිට ඇප

විපරමා Friday, 24 February 2023 09:10 PM

පව්සි විතරක්යැ තව ඔයිට වඩා දේවල් කරපු දූෂිත දේශපාලුවෝත් ඕන හැටියේ ඉන්නේ නිකම් සාන්තුවරයෝ වගේ?

:       2       20

sam Saturday, 25 February 2023 07:19 AM

දරපු ඇමතිකම්වලින් හොඳට කාපු කොමිස් කාපු එකෙක්. ලැජ්ජායි මූ අගිස්සේ ඉඳලා තවත් හොරා කන්න මන්ත්‍රී වුණා.

:       0       10

ranjith Saturday, 25 February 2023 09:48 AM

හිරිකිතයි පාර්ලිමේන්තුවේ ඉන්න රට පාලනය කල උන්ගෙ කෙරුවාවල් බලද්දි. තවමත් අපේ රටේ මිනිසුන්ට හොරකං වලින් කප් ගහපු උන්ටික එලව ගන්න බැරි උනා. තවමත් කඩේ යන්න උන්ටමයි. ඉතිං කොහොමද රටක් දියුනු වෙන්නෙ.

:       0       9

පැරකුම්Sunday, 26 February 2023 10:18 AM

පාර්ලිමේන්තුවට යන්නේ අපේ කැමැත්ත අනුව අපි තෝරා පත්කරගන්න අපේ නියෝජිතයෝ... ඒ ගොල්ලන් වැඩ කරන්නේ අපිට ඕන විදියට... එන්න එපා අපේ මන්ත්‍රීතුමාට ඕනෑනැති කතා හදන්න... තේරුණාද?

:       0       0

Nimal Saturday, 25 February 2023 09:21 PM

මට හිතා ගන්න බැරි කොහොමද මෙයා අහුවුණේ කියලයි. හොරකම පොඩි නිසාද? 

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 363 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 218 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site