
(අංජුල මහික වීරරත්න)
යුද අභියෝගය ජය ගෙන දේශපාලනයේ අභියෝග රැසකට මුහුණ දුන් සරත් ෆොන්සේකාට ඉදිරියේදී ද රට වෙනුවෙන් විශිෂ්ට සේවාවක් ඉටු කළ හැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
යුද්ධයෙන් පසුව රණවිරුවන්ට මෙන්ම මේ රටේ ජනතාව සිදු කළ කැප කිරීමට හිටපු පාලකයන් නිසි වටිනාකමක් ලබා දුන්නාද යන්න පිළිබඳ මට සැකයක් පවතින බවද ජනාධිපතිවරයා කීය.
හිටපු යුද හමුදාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා විසින් රචිත “යුද හමුදාපති ජාතියට දුන් පොරොන්දුව - මම මේ යුද්ධය ඊළඟ යුද හමුදාපතිට ඉතිරි නොකරමි” ග්‍රන්ථය එළිදැක්වීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (28) පස්වරුවේ කොළඹ නෙළුම් පොකුණ රඟහලේ දී පැවැත්විණි.
ග්‍රන්ථයේ පළමු පිටපත මෙහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා විසින් ජනාධිපතිවරයා වෙත පිළිගැන්වීය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් සමරු තිළිණයක් ද පිළිගැන්විණි.









COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ අනාගතයක් තිබ්බ විරුවෙක්. වාසියට එහෙට මෙහෙට පැනලා... නොදන්නා දේශපාලනයක් කරලා.. විකාර කියවලා සවුත්තු වුණා. දැන් ඉතින් එයා විහින්ම එයාගේ චරිතේ මඩ නාගත්තා...
තොප්පිගල, මැදවච්චිය, කිලිනොච්චිය දැන් අමතකයි වගේ...
රටට ලොකු සේවයක් ඔබට කළ හැකියි... තව අවුරුදු කීපයකට. ඒ නිසා හරි පිළ සමග එක්වන්න. නැත්නම් ඉතින් වයස ඉක්මවන කල්ම පරාජිතයෝත් සමග ලෝකයට වෛර කරමින් ඉන්න වෙයි...
වේයන් ඔහු බැංකුවේ තබා තිබූ ඔහුගේ ඩොලර් විනාශ කළේය. ඒ වෙනුවට අලුත් ඩොලර් බිල්පත් දාන්න රනිල් උදව් කළා. ඒකයි දැන් රනිල් පිටිපස්සේ ඉන්නේ...
හැබැයි ඉතින් අර චන්ද්‍රිකා, ශාන්ත කෝට්ටගොඩට කිව්වා වගේ යුද්ධ කරන්න එපා කියලා මහින්දත් මෙයාට කිව්වා නම් ඊළඟ හමුදාපතිලා කීපදෙනෙකුටම යුද්ධ කරලා අදටත් යුද්ධේ පවතින්න ඉඩ තිබ්බා...
ජාතියක් ගරු කල චරිතයක්. ඒත් ආත්මාර්තකාමී ඉවසිල්ලක් නැති හිතුවක්කාර ගති නිසා ඒ ගරුත්වය එයා විසින්ම නැතිකරගත්ත.අද මිනිස්සු බනිනවා මෙයාට.සජිත් එක්ක ලස්සන ගමනක් යන්න පුළුවන්කම තියෙද්දි තියන බල තන්හාව සහ උද්දච්චකම නිස බලු උනා.සජිත්ට තියන ආකර්ශනය කොහේද මෙයට? අන්තිමේ ඡන්ද ලක්ශ 5ක් නැති ගිලෙන නැවකට හේත්තු වුණා
තොප්පිගල , පාමංකඩ, මැදවච්චිය , යුද්ධ කරන්න ඕන ගොනෙක්ට පුලුවන්, මිලේනියම් සිටි, මුතාලිෆ්, මීඩීන්
දූෂණ විරෝධයේ පියා, සදාදරණීය නායක, අනාගත නියත ජනපති අනුර කුමාර සහෝදරයා මෙහි කොනක වත් නොමැති වීම අඩුවකි. තම පැරැණි දේශපාලන හිතවතා ෆොන්සේකා මහතාට අමතක වී ද? "යුද්ධය අවසන් කිරීමට කිසිත් නොකළ" රාජපක්ෂ සහෝදරවරුන් මෙහි නොමැති වීම අපට තේරුම් ගත හැකියි.
මේ වගේ නරක පපුවක් තියෙන මිනිහෙක් මම කවදාවත් දැකලා නැහැ. මහින්ද රාජපක්ෂ හමුදාපතිකම දුන්නේ නැත්නම් මෙයා ඒ කාලෙම විශ්‍රාම ගිහින් මෛත්‍රීපාල සිරිසේන මෙයාට ෆීල්ඩ් මාර්ෂල්කම දුන්නා සජිත් ප්‍රේමදාස කිසිම දේශපාලන අත්දැකීමක් නැති මෙයාට සභාපතිකම දුන්නා. දැන් මේ හැමෝටම පස්ස හරෝලා අමනාපෙන් ඉන්නේ මේ මනුස්සයාට කිසිම කෙනෙක් එක්ක හොඳින් ඉන්න බැහැ.
පිම්මක් පනින්නයි හදන්නේ.
ෆොන්සේකා මහතා පොත් පෙරල පෙරලා වැරැදි නඩයක් එක්ක ඉන්නේ නැතුව නියම විරුවෙක් වගේ දැන්වත් හරි පිලක් සමඟ එකතු නූනොත් එයාගේ දේශපාලන ජීවිතෙත් එච්චරයි...
ගෙම්බෙක් කියලා හිතෙන්නේ මට විතරද? දේශපාලනය කරන්න ඇවිල්ලා නම හොඳටම සවුත්තු කරගත්තා.
කවුරු කොහොම මොනවා කිව්වත්, තම දිවි පරදුවට තබා අභීතව යුද්ධය දිනා දීමට, කැපවූ ඔබතුමාට අපගේ ප්‍රණාමය පුදකරනවා. නිදුක් නිරෝගීසුවය නිරතුරුවම ලැබේවා !
පොතේ මුල් පිටපත භාර ගත් එක්කෙනාගේ ලණුව කාලා 2010 මැතිවරණය සඳහා ඉදිරිපත්වුණු එකයි මෝඩකම. දේශපාලනය ගැන අවබෝධයක් ලබාගෙන ඉන් පසුව පැවැත්වූ මැතිවරණයකට ඉදිරිපත්වුනේ නම් පච නොවී ඉන්න තිබුණා...
දයා අතහැර කරුණා ළඟටද ඔයා යන්න හදන්නේ….? මට හිතෙන්නේ ඔබ ඔබ විසින්ම විනාශ කරගන්නා බවකි. ඒත් මෙතරම් නොමේරූ බවක්…