
(අංජුල මහික වීරරත්න)
ළමයි 46000ක් හිංසනයට ලක් වී ඇති අතර ඔවුන්ට කඩිනමින් යුක්තිය ඉටුවිය යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය.
ළමා හිංසනයට, අපයෝජනයට ලක්වූ 46000ක් නීතිය ක්‍රියාත්මක වී යුක්තිය ඉටුවන තෙක් බලාගෙන සිටින බවද විපක්ෂ නායකවරයා කීය.
මේ පැමිණිලි විභාගයට ගැනීම ප්‍රමාද නොකර හිරිහැරවලට ලක්වූ දරුවන් වෙනුවෙන් නිසි සාධාරණයක් ඉටු කිරීමට රජය කඩිනමින් කටයුතු කළ යුතු බව විපක්ෂ නායකවරයා පැවසීය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද විපක්ෂ නායක කාර්යාලයේ දී ළමා ආරක්ෂාව සම්බන්ධයෙන් වර්තමානයේ මතුව ඇති ගැටලු සම්බන්ධයෙන් පැවැති සාකච්ඡාවකදී ය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුළු රටම හිංසනයට ලක්වෙච්ච රටක ළමයිටික විතරක් ඉතුරු වෙයිද?
රටම දන්න හිංසකයන් ගැන ප්‍රකාශයක් කරන්න බයයිද?
ළමා හින්සනය ගැන විතරයි මතක් වෙලා තියෙන්නේ ? සුදුවෑන් ගාතන අතුරුදහන් මිනිමෝරු කරවපු කාලේ ,මත් උවදුරෙන් රටම විනාස වෙනකොට ,තමුන් නිදාගෙනද හිටියේ?