IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


ළමා වරදකරුවන් පුනරුත්ථාපනයට ජාතික ප්‍රතිපත්තියක්

(අංජුල මහික වීරරත්න)

ළමා වරදකරුවන් පුනරුත්ථාපනය සඳහා වන ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

නීතිය ඉදිරියේ වරදකරුවකු බවට පත්වන ළමයෙකුගේ අපචාරකාරී හැසිරීම හඳුනාගෙන ඔහුට/ ඇයට සමාජයේ නීති ගරුක පුරවැසියකු ලෙසට ජීවත් වීමට ඉඩ සැලසීම ළමා පුනරුත්ථාපන ක්‍රියාවලියේ මූලික අරමුණකි. 

ඒ අනුව, නීතිය ඉදිරියේ වරදකරුවෙකු බවට පත් වූ ළමයෙකු සම්බන්ධයෙන් පියවර ගැනීමේදී, වරදේ ස්වභාවය අනුව සමථකරණය, අවවාද කොට නිදහස් කිරීම, කොන්දේසි සහිතව නිදහස් කිරීම, විවෘත පරිසරයේ තබා පුනරුත්ථාපනය කළ හැකි ළමා වරදකරුවන් පරිවාස භාරයට පත් කිරීම, ප්‍රජා විශෝධන සේවය යටතේ පුනරුත්ථාපනය කිරීම සහ රැඳවුම් නිවාස වල රඳවා තැබීම සිදු කරනු ලබයි.

 නීතිය ඉදිරියේ වරදකරුවන් වන ළමුන්ගේ සහ ඔවුන්ගේ පවුල්වල ආර්ථික සහ සමාජ පසුබිම පිළිබඳව අධ්‍යයනය කොට, එවැනි ළමුන් පුනරුත්ථාපනය කිරීම පිළිගත් ජාතික ප්‍රතිපත්තියකට අනුව සිදු කළ යුතු බවට හඳුනා ගනු ලැබ තිබේ. ඒ අනුව, රජය, සංවර්ධන පාර්ශ්වකරුවන් සහ එක්සත් ජාතීන්ගේ අන්තර් ජාතික ළමා අරමුදල (UNICEF) යන ආයතනවල දායකත්වයෙන් "ළමා වරදකරුවන් පුනරුත්ථාපනය සඳහා වූ ජාතික ප්‍රතිපත්තිය '' කෙටුම්පත් කිරීම පිණිස කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යවරිය  ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

 



අදහස් (2)

ළමා වරදකරුවන් පුනරුත්ථාපනයට ජාතික ප්‍රතිපත්තියක්

කුකුල් චමින්ද Tuesday, 17 June 2025 11:40 PM

වසර 76ක් තිස්සේ රටකාපු තක්කඩි හැතිකරෙගේ ඉඳුල් කාලා, මෙතන උදේ-හවස වැළලෙන බත්කන හරකුන්වත් පුනුරුත්ථාපනයටත්, කඩිනමින් ජාතික ප්‍රතිපත්තියක් සකස් කරන්න.

:       0       3

Kamal Koyrala Wednesday, 18 June 2025 05:15 PM

පළමුව මොවුන්ගේ පවුල් පරිසරය සහ අධ්‍යාපන පරිසරය සෙවිය යුතුයි. වඩාත්ම වැදගත් වන්නේ ළමුන් අප්‍රසාද සඳහා යොදවන්නේ කවුරු විසින්ද යන වග, සහ දඬුවම්...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 309 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 98 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 787 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site