(අංජුල මහික වීරරත්න)

කිරිපිටි, කල්කිරි සහ යෝගට් ඇතුළු භාණ්ඩ කිහිපයක මිල ඉහළ දමා ඇති බව සඳහන් කරමින් ව්‍යාජ ලෙස සකස් කළ පුවතක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් පවතින බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

එම ව්‍යාජ පුවතේ කිරිපිටි කිලෝග්‍රෑමයක මිල රු. 260කින්, කල්කිරි බෝතලයක මිල රු. 40කින් සහ යෝගට් එකක මිල රු. 20කින් ඉහළ දමා ඇතැයි සඳහන් කර ඇති නමුත් රජය එවැනි මිල වැඩි කිරීමක් කර නැතැයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය කියයි.

සැක සහිත මිල වෙනස්වීම් හෝ වෙළෙඳපොළ අක්‍රමිකතා පිළිබඳ තොරතුරු ඇත්නම් කාර්යාල වේලාවන්හිදී 1977 පාරිභෝගික කෙටි ඇමතුම් අංකය ඔස්සේ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වෙත දැනුම් දෙන්නැයි ඉල්ලා සිටී.