IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


ළමා නිවාස පාලිකාවගේ සැමියා රිමාන්ඩ්

(ලසන්ත නිරෝෂණ පෙරේරා)

රක්වාන ප්‍රදේශයේ ළමා නිවාසයක රැකවරණය ලද දැරියන් 11 දෙනකු අපයෝජනයට ලක්කළේ යැයි කියන එම ළමා නිවාසයේ පාලිකාවකගේ සැමියා ලබන 08 වැනිදා තෙක් රිමාන්ඩ් බාරයේ තබන්නැයි  පැල්මඩුල්ල වැඩ බලන මහේස්ත්‍රාත් චමත් සුරවීර මහතා නියෝග කළේය.

රත්නපුර දිස්ත්‍රික් ළමා හා කාන්තා පොලිස් කාර්‍ය්ංශය  අත්අඩංගුවට ගත් සැකකරු පෙරේදා 26 පස්වරුවේ පැල්මඩුල්ල වැඩ බලන මහේස්ත්‍රාත් චමත් සුරවීර මහතා හමුවට ඉදිරිපත් කළේය.

53 හැවිරිදි ක්‍රිෂ්ණ සාමි චන්ද්‍ර මෝගන් නම් සැකකරු රක්වාන ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලක සේවකයකු වන බව පොලිසිය පවසයි.

මෙම අපයෝජන සිද්ධිය ගැන ගොඩකවෙල ප්‍රාදේශීය ලේකම්වරයාට ලද තොරතුරකට අනුව රත්නපුර නියෝජ්‍ය පොලිස්පතිවරයා දැනුවත් කිරිමෙන් පසු ඔහුගේ උපදෙස් අනුව රත්නපුර ළමා හා කාන්තා පොලිස් කාර්‍ය්ංශය  පරික්ෂණ සිදු කර සැකකරු වැනි දා රක්වාන ප්‍රදේශයේ දි අත් අඩංගුවට ගත්තේය.

 



අදහස් (0)

ළමා නිවාස පාලිකාවගේ සැමියා රිමාන්ඩ්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 363 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 221 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site