IMG-LOGO

ළමා නිවාස පාලිකාවගේ සැමියා දැරියන් 10ක් කෙළෙසලා

(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

රක්වාන ළමා නිවාසයක රැකවරණය ලබමින් සිටි තරුණියක් සහ දැරියන් දසදෙනකු  වරින්වර බරපතළ ලිංගික අපයෝජනයකට ලක් කළේ යැයි කියන එහි පාලිකාවගේ සැමියා රක්වාන පොලිසිය විසින් පෙරේදා 25 වැනිදා සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.

ලිංගික අපයෝජනයකට ලක් වූයේ යැයි කියන මෙම තරුණිය සහ දැරියන් දසදෙනා වෛද්‍ය පරීක්ෂණයකට යොමු කිරීමට පොලිසිය කටයුතු යොදා ගෙන යයි.

මෙම ළමා නිවාසයේ රැකවරණය ලබමින් සිටි දැරියක් නිසි වයස සම්පූර්ණ වීමෙන් පසු එම ළමා නිවාසයේ පාලිකාව ඇයගේ නිවසට කැඳවාගෙන ගොස් පාසල් යවමින් ඇයට රැකවරණය ලබාදී ඇතැයි පොලිසිය කියයි.

මේ වන විට මෙම තරුණිය අවුරුදු 20 ක වයසේ පසුවන තැනැත්තියකි.

ළමා නිවසේ පාලිකාව  නිවසේ නොමැති අවස්ථාවල ඇගේ සැමියා ඇය ලිංගික අපයෝජනයට ලක් කර ඇතැයි පොලිසිය කියයි.

මේ සිදුවීමට අදාළව පරීක්ෂණ පැවැත්වීමේදී ළමා නිවාසයේ දැරියන් දස දෙනකුට සැකකරු ෙ වරින් වර ලිංගික අපයෝජ‍ෙවලට ලක්කර ඇති බවට තොරතුරු හෙළි විණි යැයි පොලිසිය සඳහන් කරයි.

බිරිඳ පාලිකාව වශයෙන් සේවය කරන ළමා නිවාසයට පැමිණි අවස්ථාවල මෙසේ මෙම දැරියන් බරපතළ ලිංගික අපයෝජනයට ලක් කර ඇති බව පරීක්ෂණවලින් අනාවරණය වී ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

පරීක්ෂවලින් හෙළි වූ තොරතුරු මත මෙම සැකකරු රක්වාන පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.

 



අදහස් (5)

ළමා නිවාස පාලිකාවගේ සැමියා දැරියන් 10ක් කෙළෙසලා

සමන්ත Monday, 27 February 2023 06:55 AM

ලංකාවේ ලමා නිවාස බොහෝමයක් එන්ජී ඕ හරහා පාලනය වෙනවා මේ සම්බන්ධව නිවැරදි අධීක්ෂණයක් රජයට නෑ ඒ වගේ ඉන්න ලමයි ඒ වගෙ ඉන්නවට වඩා හොදයි පාරේ හිගා කෑව නම් කියලා හිතෙනවා ඇති පොඩි උන්ට, කවුද මේවා ගැන හොයලා බලන්නේ ප්‍රශ්නයක් ආවට පස්සේ දඟලනවා ඊට පස්සේ ඔක්කොම අමතකයි

:       0       4

Rohana Monday, 27 February 2023 07:56 AM

මුගේ අරක තමයි අරක කියන්නෙ.

:       0       2

Bunny Preena Monday, 27 February 2023 09:42 AM

ස්වාමියාගෙ නරක හැසිරීම නිසා එම පාලිකාවගෙ සහ පවුලෙ අයගෙ කීර්තිනාමයන්ටත් බරපතල කැලැලක් සිදු විමෙන් ඔවුනට සමාජයට මුහුන දීමට නොහැකි තත්වයක් උදා වෙලා තියෙන්නෙ. කාමයෙ වරදවා හැසිරීමෙ විපාක මිනිසුන්ගෙ ජීවිත උඩු යටිකුරු කරනව.. නින්දා අපහාස විදින්නට සිදුවෙනව.

:       0       2

Gagana Monday, 27 February 2023 10:32 AM

අනිවාර්යයෙන් මුගේ ශිෂ්ණය කපාදමා ජීවත් වන්නට දෙන්න

:       0       3

fairoos Monday, 27 February 2023 01:30 PM

මෙහෙමත් කාලකණ්ණින්... නිසි දඬුවම් නොමැතිවීම මෙම අපරාධවලට මුලයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 372 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 533 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 223 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site