(ටෝනි කරුණානායක)
දිවුලපිටිය , කඩවල ප්‍ර දේශයේ ළමා නිවාසයක අධිකරණ නියමයෙන් රඳවා සිටින අවුරුදු 09 ක් වූ පිරිමි දරුවකු ගේ රහස් ප්‍රෙද්ශයට ළමා නිවාසයේ පාලිකාව විසින් මිරිස් කුඩු දැමීම හේතුවෙන් රෝගාතුර වූ එම දරුවා මීගමුව රෝහලට ඇතුළත් කර ඇතැයි දිවුලපිටිය පොලිසිය මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් කේසර සි ඒ සමරදිවාකර මහතා හමුවේ කරුණු ඉදිරිපත් කළේය.
රෝහල් ගත කෙරුණු දරුවාට රාත්‍රි කාලයේ දී නින්දෙන් මුත්රා පිටවීම සිදු වී තිබේ . එයට උරණ වී ඇති ලමා නිවාසයේ පාලිකාව දරුවාව එම ළමා නිවාසයේ පිහිටි පහළ නාන කාමරයට රැගෙන ගොස් එම දරුවාගේ ඇඳුම් ඉවත් කර දරුවාගේ ශිෂ්ණයට මෙසේ මිරිස්කුඩු දමා ඇති බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.
මෙම ළමා නිවාසයේ පිරිමි සහ ගැහැණු දරුවන් විසිපස් දෙනෙකු පමණ සිටින බවත් පොලිසිය අධිකරණය හමුවේ කීය .
එම ළමා නිවාසයේ සිටින දරු දැරියන්ට එම ළමා නිවාසයේ පාලිකාව විසින් අනිසි විදියට බලපෑම් සහ තාඩන පීඩන කරමින්
අකටයුතු ක්රිනයාවන් සිදු කරනු ලබන බවට තොරතුරු ලැබී ඇති හෙයින් වැඩිදුරටත් විමර්ශන සිදුකරන බවට දිවුලපිටිය පොලිසියේ නඩු මෙහෙයුම් අංශයේ උප පොලිස් පරීක්ෂක සුබසිංහ මහතා පැමිණිල්ල මෙහෙය වමින් අධිකරණය හමුවේ පැවසීය .
රෝහල්ගත කර සිටින දරුවාගේ සහ එම ළමා නිවාසයේ වාසය කරන දරුවන්ගේ ප්ර කාශ සටහන් කර ගන්නා ලෙසට දිවුලපිටිය පොලිසිය ට නියම කළ අධිකරණය යම් වරදක් සිදුවී ඇත්නම් එම ළමා නිවාසයේ පාලිකාව ට විරුද්ධව නීතිමය පියවර ගන්නා ලෙසට අධිකරණයෙන් නියම කෙරුණි .
කඩවල ප්‍රෙද්ශයේ පිහිටි එම ළමා නිවාසය සම්බන්ධයෙන් වාර්තාවක් අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසට ද ගම්පහ ප්‍රධාන පරිවාස කාර්යාලයට අධිකරණයෙන් වැඩිදුරටත් නියම කෙරුණි .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාලිකාවටද එම ආකාරයටම සැලකිය යුතුයි.
ළමා නිවාස පාලිකාවන් බොහොමයක් තමන්ගෙ පවුල් ජීවිතයේ කුමක් හෝ අඩුපාඩුවක් තියෙන අයයි ඔවුන් නිතරම ඉන්නෙ දැඩි අසහනයෙන් කියලා මට අත්දැකීම් තියෙනවා ඒ අතර ළමයින් අවම වශයෙන් දහයක් සිටින නිවාසයක එක් පාළිකාවක් මෙවැනි ළමුන් දෙතුන් දෙනෙක් සිටියොත් කුමක් කරන්නද.නිවාසයේ ළමුන්ගේ ඇදුම් පැළදුම් සේදීම ළමුන් ලවා කෙරෙව්වොත් ළමයි අධිකාරියට පෙත්සම් ගහන එවුන් ඉන්නවා ළමයින් කැරලි ගැසීමට යොමුකිරීමට පිරිසක් ඉන්නවා සමහරක් පරිවාස නිළධාරින්ද එහෙම අයයි,ඔවුන් එහෙම කරන්නෙ ඔවුන්ට ලැබෙන සංතෝසම මදිවුනාමයි (උදාහරණයක් ලෙසට කිවිවොත් ඇත්තටම ළමුන්ට තමන්ගෙ ඇදුම් සෝදා ගැනීමට නියම කිරීම නරකද )පාළිකාව වැරදියි කියන කෙනෙක් නිවාසයක දින දෙකක් වත් ප්‍රායෝගික අත්දැකීම් ලබාගෙන තීරණ ගනිත්වා
මේ පාලිකාව මේ පළාත නියෝජන කරන අර මිරිස් කුඩු ඇමතිගේ ගෝලයක්ද? එහමනම්, ඊළඟ පාර පාර්ලිමේන්තුවට සුදුස්සක්.
මානසික රෝගී කාන්තාවක්.මේ අහින්සක දරුවන් ගෙ පාලිකාව ලෙස තව දුරටත් තබා ගැනීම පාලන අධිකාරියේ අකටයුත්තක්. එය වහා නිවැරදි වේවා ! යි පතමු