(අංජුල මහික වීරරත්න)
ජාතික ළමා ආරක්ෂණ ප්‍රතිපත්තිය සඳහා වන පස් අවුරුදු ජාතික ක්‍රියාකාරී සැලැස්ම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
1998 අංක 50 දරන ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පනතේ විධිවිධාන පරිදි සකස් කරන ලද "ළමා ආරක්ෂණය පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය " සඳහා 2019-10-29 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලැබී තිබේ.
එම ජාතික ප්‍රතිපත්තිය ක්‍රියාවට නැංවීම සඳහා ළමා ආරක්ෂණය හා සම්බන්ධ විෂය ක්ෂේත්‍ර දහයක් ආවරණය වන සේ ඒ වෙනුවෙන් කටයුතු කරනු ලබන පාර්ශ්වයන්ගේ අදහස් හා යෝජනා සැලකිල්ලට ගෙන "ජාතික ළමා ආරක්ෂණ ප්‍රතිපත්තිය සඳහා වන පස් අවුරුදු ජාතික ක්‍රියාකාරී සැලැස්ම" සකස් කරනු ලැබ ඇත.
ජාතික ප්‍රතිපත්ති රාමුවෙහි " සුරක්ෂිත ළමා ලෝකයක් - නිර්මාණශීලී අනාගත පරපුරක්" සඳහා වූ ප්‍රතිපත්තිමය බැඳියාවන්ට සියලු ආකාරයෙන් අනුගත වන පරිදි බහු ආංශික ප්‍රවේශයකින් සමන්විතව මෙම පස් අවුරුදු ජාතික ක්‍රියාකාරී සැලැස්ම පිළියෙල කර තිබේ.
ඒ අනුව, එම ජාතික ක්‍රියාකාරී සැලැස්ම ක්‍රියාත්මක කිරීම පිණිස කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යවරිය ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
ළමා ආරක්ෂණයට පස් අවුරුදු ක්‍රියාකාරී සැලැස්මක්