(සුජිත් හේවාජුලිගේ)
ළමා අපයෝජන සහ අඩන්තේට්ටම් සම්බන්ධයෙන් පැමිණිලි හාර දහස් හත් සියයක් (4700) පමණ පසුගිය මාස හයේදී ලැබී ඇතැයි ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති මහාචාර්ය මුදිත විදානපතිරණ මහතා ලංකාදීපයට පැවැසීය.
මේ පැමිණිලි බොහොමයක් සම්බන්ධයෙන් දැනටමත් විමර්ශන අරඹා ඇතැයි පැවසූ සභාපතිවරයා අධිකාරියේ විෂය පථයට අයත් නොවන පැමිණිලි අදාළ අංශවලට යොමු කළ බවද ප්‍රකාශ කළේය.
ඉදිරිපත් වී ඇති පැමිණිලි බොහොමයක් ළමා අපයෝජන, ලිංගික හිරිහැර,පහරදීම් හා අඩන්තේට්ටම්,ඔන්ලයින් හිරිහැර සම්බන්ධයෙනි.
මේ අතර දරුවන්ට ඔන්ලයින් හරහා සිදු කෙරුණු හිංසන සම්බන්ධයෙන් ඉදිරිපත් කෙරෙන පැමිණිලිවල තරමක වැඩිවීමක් දක්නට ලැබෙන බවත් පසුගිය වසරේදී පමණක් ඔන්ලයින් හිංසන සම්බන්ධයෙන් පැමිණිලි 152ක් වාර්තා වී ඇති බවත් විදානපතිරණ මහතා සඳහන් කළේය.
මේ වසරේ මේ දක්වා ඔන්ලයින් හිංසන සම්බන්ධ පැමිණිලි 74ක් පමණ ලැබී ඇතැයි ඔහු වැඩිදුරටත් කීය.
ඔන්ලයින් හිංසන සම්බන්ධයෙන් 2017වර්ෂයේ දී පැමිණිලි පනස් එකක්ද එකක්ද 2018 වර්ෂයේදී පැමිණිලි හතළිස් අටක්ද 2019 වර්ෂයේදී පැමිණිලි පනස් දෙකක්ද ලැබී ඇතැයි ජාතික ළමාරක්ෂක අධිකාරිය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බාල වයස්කාර දරුවකු තම දෙමවුපියන්ගෙන් හැර වෙන ඕනෑම කෙනෙකු භාරයේ ඇති දැඩි වෙනවනම් අදාල පොලීසිය ,ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සහ ළමා අධිකාරියේ ලියාපදිංචි කිරීම ස්ථීර කරන නීති ගෙන එන්න
සෑම පාසලකම, පන්සලකම, පල්ලියකම සහ බාලවයස්කාර දරුවන් ඉන්නා සෑම තැනකම ආරක්ෂිත රහස් ලියුම් පෙට්ටි වැනි ක්‍රම මගින් දරුවන්ට තමන්ගේ දුක කරුණාවන්ත වැඩිහිටියෙකුට රහසේ පැවසීමට අවශ්‍ය පසුබිම සෑදිය යුතුයි. තවද එවැනි තැන්වල බාරකරුවන්ට බලපත්‍ර ක්‍රමයක් සෑදිය යුතුයි. ඉංජිනේරුවකු වන මා හට මේ බලපත්‍රය නැතිව පාසල් ගොඩනැගිලි ව්‍යාපෘති තුළට ඇතුලුවීමට මා ඉන්නා රටේ රජය මට අවසර නොදේ. ඔවුන් ඒ තරමට තමන්ගේ දරුවන් බලා ගනී. අපේ රටේ දරුවන් ඒ අතින් ඉතා අනාරක්ෂිතයි.
ඕකට වගකියන්න ඕනේ රට වහන්න, වහන්න කියලා කෑ මොර ගහපු අය. කොරෝනා කියලා ජනතාව කූඩු කළා. දැන් කියනවා ආණ්ඩුව අසමත් කියලා... මේවා ආණ්ඩු පෙරළීමේ කුමන්ත්‍රණ... ස්තුතියි.