දකුණු ඉන්දියාවේ තමිල්නාඩුවේ නඩුකට්ටුපට්ටි පළාතේ ත්‍රිචි ප්‍රදේශයේ ළිඳක කුහරයකට වැටී සිරවී සිටින දෙහැවිරිදි සුජිත් විල්සන් නමැති දරුවා බේරා ගැනීමේ මෙහෙයුම් අද (28) දිනය මුළුල්ලේ ද ක්‍රියාත්මක වූ අතර ඊට වර්ෂාවෙන් ද බාධා එල්ල විය.
දරුවා සිය නිවසට නුදුරින් වූ මෙම ළිං කුහරයට වැටී ඇත්තේ සිය මිතුරන් සමඟ ඒ අසල සෙල්ලම් කරමින් සිටිද්දීය. දරුවා එම අකරතැබ්බට මුහුණ පෑවේ පසුගිය සිකුරාදා (25) ය.
ළිං කුහරයට වැටුණු දරුවා මීටර් 10 ක් (අඩි 30) ගැඹුරේ සිරවී සිටි අතර, ඔහු බේරා ගැනීමට දරුවාගේ මාපියන්, ගම්වාසීන් සහ ඉන්දීය හදිසි ආපදා ප්‍රතිචාර ඒකකයේ සහන සේවකයෝ මහත් පරිශ්‍රමයක් දැරූහ. කෙසේ නමුත් එම උත්සාහය සාර්ථක නොවිණි.
අද (28) වනවිට දරුවා මීටර් 180 ක් ගැඹුරට ලිස්සා ගොස් සිර වී සිටින බවත්, මඩ තට්ටුවලින් ඔහු මේ වනවිට වැසී ඇති බැවින් ඔහුගේ තත්ත්වය නිශ්චිතව පැවැසිය නොහැකි බවත් සහන සේවකයෝ පැවැසූහ.
නළයක ආධාරයෙන් පහළට ඔක්සිජන් යැවීම දිගටම සිදු කෙරේ. වෛද්‍යවරුන් පවසා ඇත්තේ දරුවාගේ ජීවිතය අවදානම් තත්ත්වයක පවතින බවය. දරුවා සිරවී සිටින ස්ථානයට විශේෂ වෛද්‍ය කණ්ඩායමක් පැමිණ සීරුවෙන් සිටින බව ද පැවැසෙයි.
දරුවාගේ මව හඬමින් ළිං විවරය අසලට වී, සැමවිටම දරුවා සනසමින් සිටින බවත්, තවත් පහළට ලිස්සා යෑමෙන් පසු දරුවාගෙන් කිසිදු ප්‍රතිචාරයක් නොලැබුණු බවත් තමිල්නාඩු මාධ්‍ය වාර්තා කර තිබේ.
දරුවා බේරා ගැනීමට ඉන්ජිනේරුවන් සහ පස් කැණීම් සම්බන්ධ විශේෂඥයන් ද පැමිණ සිටින අතර, අද (28) නව කැණීම් යන්ත්‍ර යොදා ගනිමින්, ළිං කුහරයට සමාන්තරව තවත් කුහරයක් විදීම ආරම්භ කළේය. ඒ අනුව අද (28) සවස සහන සේවකයන් කියා සිටියේ දරුවා බේරා ගැනීමට තවත් පැය 12 ක් ගත වනු ඇතැයි කියාය.
ළිඳ තුළ සිරවුණු දරුවා සම්බන්ධයෙන් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ද සිය කනස්සල්ල පළ කර ඇත. සුජිත් විල්සන් දරුවා බේරා ගැනීමට කරන ඒ අසීරු මෙහෙයුම් සාර්ථක වේවා යැයි තමා ප්‍රාර්ථනා කරන බව අගමැති මෝදි ට්විටර් පණිවුඩයක් මගින් පවසා තිබුණි.
චෙන්නායි (ඉන්දීය පුවත් සේවා ඇසුරිනි)
050

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්තටම දැනට මේ දරුවා බේරා ගැනීමේ මෙහෙයුම දරුවා බේරා ගැනීමෙන් ඉතා සාර්ථකව අවසන් කල බවයි ආරංචි වෙන්නේ. එම දරුවා ඉතා වෙහෙසට පත්ව සිටියත් යහපත් සෞඛ්‍ය තත්වයකින් පසුවන බවත් වැඩිදුර වෛද්‍ය පරීක්ෂණ සඳහා රෝහලට ඇතුලත් කර ඇති බවත් වාර්තා වෙනවා.
ඔබ සියලු දෙනාගේම උත්සාහයන් සාර්ථක වී ඒ අසරණයාගේ ජීවිතය බේරාගැනීමට දිරිය ශක්තිය ලැබේවා...!!!
මිනිසා විසින් නිර්මාණය කරන ලද අවදානම් ස්ථාන හරියාකාරව ආවරණය නොකරන, ඒවා නිර්මාණය හා ඒවාට සම්බන්ධව වග කිව යුත්තන්ට විරුද්ධව ලොව පුරා නීතියක් පැනවිය යුතුය. ලංකාවේද පසුගිය දිනක මෙවැනි දෙයක් නිසා අසරණ ගුරුමහත්මියකගේ ජීවිතය නැති වුනා. මෙවැනි සිද්ධි ලොව පුරා සිදුවෙමින් පවතිනවා.
මේ අහිංසක දරුවා ආරක්ෂා වේවා! ඔහුව බේරගන්න ලැබේවා! මිනිසුන්ගේ නොසැලකිල්ල බොහෝ අනතුරු වලට මුලයි.
හරිම කණගාටුදායක පුවතක්. ඒ දරුවා අඩද්දී මග පුතා මතක් වුණා. මොන තරම් වේදනාවක් අසරණකමක් දැනෙනවා ඇත්ද නොදැරුවාට? තම අවුරුදු දෙකයි. දරුවා මිය ගිය පුවත අද අහන්න ලැබුණා