
(අංජුල මහික වීරරත්න)
සීදුව විජය කුමාරතුංග අනුස්මරණ රෝහලේ අක්ෂි සායනයේ ප්‍රතිකාර සේවා වඩාත් කාර්යක්ෂම සහ ගුණාත්මක තලයකට ඔසවා තැබීමේ අරමුණින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ සෘජු අධීක්ෂණය හා මඟපෙන්වීම මත ක්‍රියාවට නැංවුණු "අක්ෂි සායනය ඩිජිටල්කරණය කිරීමේ ව්‍යාපෘතිය" අද (04) නිල වශයෙන් ජනතා අයිතියට පත් කෙරිණි.
ඒ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ ප්‍රධානත්වයෙනි. මෙම රෝහලේ අක්ෂි ඒකකයේ (සායනයේ) කටයුතු ඩිජිටල්කරණය කිරීම සඳහා රුපියල් මිලියන තුනක මූල්‍ය පරිත්‍යාගයක් ලබාදීමට රෝහල් අධ්යක්ෂ මණ්ඩලයේ සාමාජික නීල් උමගිලිය මහතා විසින් කටයුතු කර ඇති අතර, ඒ අනුව මෙම ඩිජිටල්කරණ කටයුතු ස්ථාපිත කර ඇත.
අක්ෂි සායනය ඩිජිටල්කරණ වැඩපිළිවෙලට අදාළව පසුගිය මාස 06 ක් පුරා නියමු ව්‍යාපෘතියක් ද අක්ෂි සායනය තුළ ක්‍රියාවට නංවා රෝහල් කාර්ය මණ්ඩලයට අවශ්‍ය ප්‍රායෝගික පුහුණුව ලබාදීමට ද කටයුතු කර ඇත.
අක්ෂි සායනය ඩිජිටල්කරණය කිරීමේ ව්‍යාපෘතියේ සමාරම්භය සනිටුහන් කරමින් එම වැඩපිළිවෙලේ ප්‍රගතිය සහ වත්මන් ක්‍රියාකාරිත්වය මෙන්ම අක්ෂි සායන වාට්ටු ද හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ පරික්ෂාවට මෙහි දී ලක්විය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd