(සුජිත් හේවාජුලිගේ )

පීඩාවට පත් ජනතාවට සහන ලබාදීමේ වැඩපිළිවෙළක් ඉදිරියේදී ක්‍රියාත්මක කරන බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

ඔහු මෙසේ පැවසුවේ බත්තරමුල්ල ප්‍රදේශයේ පැවති  ජන හමුවකදීය.රටේ දුෂ්කර කාලයක් පැවතියද ජනතාවගේ සහන අඩු කිරීමට බලාපොරොත්තුවක් නැතැයිද  අගමැතිවරයා  සඳහන් කළේය.

ඕනෑම අයකුට විවේචනය කළ හැකි බව පැවසූ රාජපක්ෂ මහතා ඒ විවේචන අයට වගකීම් බාර දුන් විට  ඒවා කිරීමට අපොහොසත් වන බවද    සඳහන් කළේය. ඉතිහාසය පුරා මෙවැනි සිද්ධීන් දැකගත හැකි වූ බව  ඔහු වැඩිදුරටත් කීය.