(ඩයනා උදයංගනී)
දකුණු අන්දමන් මුහුදු ප්‍රදේශ සහ ඊට යාබද ගිනිකොණ දිග බෙංගාල බොක්ක ආශ්‍රිතව අඩු පීඩන කලාපය ක්‍රමයෙන් පීඩන අවපාතයක් හා සුළි කුණටුවක් දක්වා වර්ධනය වනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එය නිරිතදිග බෙංගාල බොක්ක හරහා ගොස් අනිද්දා (8) වනවිට තමිල්නාඩු වෙරළ තීරයට ගමන් කරනු ඇතැයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
එහි බලපෑමෙන් උතුරු, උතුරුමැද හා නැගෙනහිර පළාත්වල හෙට (7) සහ අනිද්දා (8) තද වැසි හා සුළං ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව කියයි.
මන්නාරම සිට කන්කසන්තුරය, ත්‍රිකුණාමලය සහ මඩකලපුව හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන ගැඹුරු හා නොගැඹුරු මුහුදු ප්‍රදේශවලත්, නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේත් අද (6) දවල් සිට නැවත දැනුම් දෙනතුරු යාත්‍රා නොකරන ලෙස ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධීවර හා නාවික ප්‍රජාවට දැනුම්දීමක් කරයි.
නැගෙනහිර පළාතේ අද (6) දිනයේත් වැසි වාර කිහිපයක් ඇතිවන අතර, සබරගමුව පළාතේ සහ හම්බන්තොට දිස්ත්‍රික්කයෙහි සවස් හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක දැක්වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd