
(යොහාන් භාසුර)
හිස් විදේශ ගමන් බලපත්‍ර ප්‍රමාණය සීමිත වීම නිසා විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම සීමා කර ඇති බවත් ඒ හේතුවෙන් අත්‍යවශ්‍යම හේතුවක් මත පමණක් විදේශ ගමන් බලපත්‍ර සඳහා අයදුම් කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් ආගමන විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය මහතා නිවේදනයක් නිකුත් කරමින් අද (26) පැවසීය.
නව ඉලෙක්ට්‍රොනික විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමට රජය පියවර ගෙන ගෙන ජාත්‍යන්තර මිල ගණන් කැඳවා විදේශ සමාගමකින් ඉලෙක්ට්‍රොනික විදේශ ගමන් බලපත්‍ර ඇනවුම් කර ඇති බවත් විදේශ ගමන් බලපත්‍ර හිඟය පිළිබඳව අවදානය යොමු කර සාමාන්‍ය හිස් විදේශ ගමන් බලපත්‍ර 750,000 ක් එම සමාගමෙන් ගැනීමට කටයුතු කර ඇති බවත් එම නිවේදනයේ සඳහන් වේ.
එම විදේශ ගමන් බලපත්‍ර තොගය ඔක්තෝබර් මස අවසානයේ හෝ ඊට පෙර ලැබෙනු ඇතැයි එම නිවේදනයේ සඳහන් වේ.
එම දෙපාර්තමේන්තුව පසුගිය වසරේ නිකුත් කළ විදේශ ගමන් බලපත්‍රවලින් සියයට 23 ක් පමණක් විදේශගත ඇති බව කියන ආගමන විගමන පාලක ජනරාල්වරයා ඇනවුම් කර ඇති විදේශ ගමන් බලපත්‍ර තොගය ලැබෙන තෙක් අත්‍යවශ්‍යම හේතුවකට හැර ගමන් බලපත්‍ර අයදුම් නොකරන ලෙස ඉල්ලා සිටින බව ද සඳහන් කරයි.
විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේදී වන ප්‍රමාදය හේතුවෙන් ජනතාවට වන අපහසුතාව පිළිබඳව ආගමන විගමන දෙපාර්තමේන්තුව කණගාටුව පළ කරන බව ද එම නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්ත වශයෙන්ම කියන්නේ විසා ලැබුණ ගමන් යන්න තමයි පාස්පෝට් ගන්නේ
සමාවෙන් වැඩක් නැ. කරගන්න බැරි නම් පුටුවෙන් අයින් වන්න. රටේ විගමන පාලකයාට පඩි ගෙවන්නේ කාර්ය මන්ඩලයක් ලබාදීලා තියෙන්නේ රටෙ මිනිස්සුන්ට අවශ්‍ය වෙලාවට අවශ්‍ය දේ ලබාගන්න. මේ වගේ දෙයක්වත් සැලසුම් කරගන්න බැහැ කියන්නේ... මේ වගේ මනුස්සයෙක් ඔය පුටුවට ආවේ කොහොමද කියලා...!
ළඟ තියාගන්නේ නිකන් අරන් නොවේනේ. රට ගැන පාලකයින් ගැන විශ්වාසය නැති නිසයි ඕවා අරගන්නේ...! සල්ලි වලටවත් ගමන් බලපත්‍රයක් දෙන්න බැරි රටේ පාලකයෝ. ඕක දුන්නා නම් හරි පොඩි ළමයෙකුට...!
එහෙනම් බැංකුවේ ලොකර් එකේ තියන්නද?
ඇත්තටම සමහරක් තරුණයෝ කිසිම වැඩක් කරන්න නොහැකිව කිසිම පුහුණුවක් නොලබා අනාගතයේ අර පුහුණුව ගන්නවා මේ පුහුණුව ගන්නවා ඊට පස්සෙ රට යනවා කියලා මුලින්ම කරන්නෙ ගමන් බලපත්‍රය සකසා ගැනීම තමයි. ඒක මම දැක්කා .ඒ නිසා ඔහොම කියලා මදි .ගමන් බලපත්‍රය ඉල්ලුම් කිරීමේදී අවශ්‍යතාව කුමක්ද කියලා අවශ්‍ය වෙන්නෙ කවදාටද කියලා දිවුරුම් ප්‍රකාශයක් අරගන්න. එහෙම කලොත් විනෝදාශ්වාදය සදහා ගමන් බලපත්‍ර ගැනීම අඩුවේවි.ඊළඟට එහෙම අරගෙන කල් ඉකුත්වීමේදී නැවතත් අලුත්වැඩියා කරන්න ආවොත් එතෙක් විදෙස් ගතවීමක් වෙලා නැත්නම් දෙගුණයකින් ගාස්තු අරගෙන අලුත් කිරීම කරන්න
ගාස්තු ගෙවා තම පුරවැසියාට විදේශ ගමන් බලපත්‍රයක් නිකුත් කළ නොහැකි රජයක්. ලැජ්ජයි ඉලුක්පිටිය.
චන්දයට පෙර අන්තිම මොහොතේ කරන උපයා ගැනීම් ගහපල්ලා තව දින 24 ජනතාව කියනවා
පුද්ගලීකරණය කලයුතු තවත් එක් රජයේ කාලකන්නි සේවයක්
පිස්සු ඩබල් වෙලා
පාස්පෝට් එකක් හදාගෙන තියාගන්න එක ජනතා අයිතියක්... පුදුම රජයක්...
ඔයා බමුණූආරච්චිගේ යාලුවෙක්ද?
ළඟ තියාගන්නේ නිකන් අරන් නොවෙනේ. රට ගැන පාලකයෝ ගැන විශ්වාස නැති නිසි ඔවා අර ගන්නේ. සල්ලි වලටවත් ගමන් බලපත්‍රයක් දෙන්න බැරි රටේ පාලකයෝ. ඕක දුන්න නම් හරි පොඩි ළමයෙකුට.
කලුකඩෙන් ළඟදිම රජයේ ගානට වඩා අඩුවෙන්ම ඔරිජ්නල් එක ගන්න පුලුවං වේවි එහෙනං.....
දැන් මහ එකාම කියනව සුබයි කියල . කොහෙද සුබ වෙලා තියෙන්නේ . තව දීපල්ල .
ඔය ඔක්තෝබර්වල දෙනවයි කියන අලුත් ඉලෙක්ට්‍රොනික් - පරිගණක චිප් එකක් සහිත පාස්පෝර්ට් එක නිසා රටට රුපියල් කෝටි ගණනක අලාභයක් වෙලා තියෙනවලු. මිලගණන් කැඳවීමේදී ගිවිසුමේ සඳහන් නොකළ දෙයක් නිසා මේ විශාල අලාභය වෙලා තියෙන්නේ. මේකට සම්බන්ධ " නූගත් පට්ට මෝඩයින් එහෙම නැත්නම් පට්ට හොරු " නිසයි මෙය වෙලා තියෙන්නේ. පාස්පෝර්ට් එකට ඇතුල්කරන පරිගණක චිප් එකට "දත්ත" ඇතුල් කරන "ලැන්ග්වේජ් පැක්" එක අනිවාර්යයෙන්ම වෙනම මිලදී ගන්න වෙලාලු. අපේ රටේ දැනට භාවිතා කරන ලැන්ග්වේජ් පැක් එක මගින් මේ චිප් එකට දත්ත ඇතුල් කරන්න බැහැයිලු. ගිවිසුමට සම්බන්ධ අයගේ "නූගත්" බව වටහාගත් පාස්පෝර්ට් හදන කොම්පැනිය හිතාමතාම ලැන්ග්වේජ් පැක් එක ගැන ගිවිසුමේ සඳහන් නොකළා කියලාත් හිතන්න පුළුවන්. මේ ගනුදෙණුවට සම්බන්ධ අපේ රටේ " නූගත් මෝඩයෝ එහෙමත් නැතිනම් හොරු " විසින් මේ සිද්ධිය යටගහන්න හදනවලු. ඔය ගොල්ලොත් හොයලා බලන්න.
ගමන්බලපත්‍රය පාවිච්චිකලත් නොකලත් ගමන් බලපත්‍රයක් ඉල්ලනවානම් එය ලබාදීම රජයක වගකීමක්.ගමන්බලපත්‍ර ලබාදීමේ සැක සංකා මතුවනවිට හැමෝම එකවර ගමන්බලපත්‍ර ගැනීමට පෙලඹෙනවා. ඒ නිසා මේ ආකාරයේ අනවශ්‍ය තදබදයක් නිර්මානය වී ඇත.
හිස් විදේශ ගමන් බලපත්‍ර නැහැ කියන්නේ නියමිත කාලයේ ඇණවුම් නොකිරීමේ වරදක් තමයි. ඒකට දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා සම්පූර්ණයෙන්ම වගකිව යුතුයි... ඇමැතිවරයා කියන්නේ පැමිණෙන පිළිවෙලට දෙනවා කියලා නම් පෝලිමේ අරක්ගෙන සිටින බහිරවයින්ට (ඉන්නවා නම් පමණයි) ආදායම් මාර්ගයක් වෙන්න පුළුවන් වේවි... ඇත්තටම ඔන්ලයින් අයැදුම්පත් කැඳවා දිනයක්, වෙලාවක් දුන්නොත් හොරකම්, මැරකම්, වංචා, දූෂණ අඩුකර පිළිවෙලට වැඩකරන්න පුළුවන් ගමන් බලපත්‍ර නිකුත්කිරීම රජයේ ආදායම් මාර්ගයක් කියලා අමතක කරන්න එපා. එහෙම වෙනවා නම් ආයතන සංග්‍රහයේ පළමු උපලේඛනයේ (9) හා (10) වගන්ති යටතේ විනයානුකූලව දඬුවම් කරන්න පුළුවන් වේවි...!
ආණ්ඩුවේ නොහැකියාව වහගන්න නොයෙක් කතා කියනවා.
පාස්පෝර්ට් එකක් යනු පුරවැසියෙකුගේ මූලික අයිතියක්... ආගමන විගමන පාලක බැඳී සිටිනවා. නීත්‍යානුකූල ලියකියැවිලි ඉදිරිපත් කර, පාස්පෝර්ට් එකක් ඉල්ලන සියලු දෙනාටම නොපමාව එම පාස්පෝර්ට් එක ලබාදෙන්න. කල්වේලා ඇතිව අවශ්‍ය ලිපිද්‍රව්‍ය සැපයුම් කරුවන්ගෙන් ඇණවුම් කරන එක ඔහුගේ වගකීමක්... ඔහුට ජනතා මුදලින්... වැටුප්, දීමනා, වාහන සහ ගොඩනැගිලි පහසුකම්, පුහුණු වැනි මෙකී නොකී සියලු වරප්‍රසාද ලබාදීලා තිබෙනවා... මෙම සිද්ධියේදී ඔහු බරපතල ලෙස තම වගකීම් පැහැර හැරීම නිසා පුරවැසියන් දහස් ගණනකගේ මූලික ඓතිවාසිකම් කඩවෙලා..., වහාම මොහුගේ වැඩ තහනම් කර මේ පිළිබඳව පරීක්ෂණ ආරම්භ කරන එක විෂයබාර ඇමැතිගේ සහ ජනාධිපතිගේ වගකීමක්... එසේ නොකළොත් ඉදිරි සති කිහිපය තුළ අගතියට පත් ජනතාවගෙන් විශාල පීඩනයක් රජයට එල්ල වන එක වළක්වන්න බැහැ...!
නිකරුනේ අනුන්ගේ සහ තමන්ගේ කාලය කන මිනිසුන්ට සිංහලෙන් කියන්නේ කාලකන්නි කියලා, දන්නේ නැද්ද ගමන් බලපත්‍රයක් යනු රටක පුරවැසියෙකුගේ මූලික අයිතිවාසිකමක් කියලා? ඒක කලට වේලාවට ලබාදෙන්න බැරි නම්, අස්වෙලා ගෙදර යන්න...
ඕස්ට්‍රේලියාවේ පුරවැසියන් 50-60%කට විදේශ ගමන් බලපත්‍ර තියෙනවා, එහෙම කියලා රජය අඬනවාද? ලංකාවේ විතරක් නෙමෙයි ගොඩක් යුරෝපයේ රටවල්වල රියදුරු බලපත්‍රය වගේම අත්‍යාවශ්‍ය දෙයක් තමයි විදේශ ගමන් බලපත. මේවා තනිකරම රජයේ සුදු අලි ව්‍යාපෘති තමයි, රුපියල් 500-100ක් යන වැඩේ රුපියල් 10,000-20,000 යනවා නේ.