
(විමුක්ති එස් රුද්‍රිගු)
තමන්ට පහර නොදෙන ලෙස ඉරානයේ සහාය ලැබෙන යේමනයේ හූති සටන්කාමීන් ඇමෙරිකාවෙන් ඉල්ලීමක් කළ බව ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගියදා ප්‍රකාශ කළේය.
හූති සටන්කාමීන් ඇමෙරිකාව සමග යුද වැදීමට කිසිඳු කැමැත්තක් නොදක්වන බවත් ඔවුන් ඇමෙරිකානු හමුදාවේ ප්රහාරයන්ට ලක්වීමටද කැමැත්තක් නොදක්වන බවත් ජනපති ට්‍රම්ප් පැවැසුවේය. අවසානයේ සියලුදේ හොඳින් විසඳෙනු ඇතැයි තමන් අපේක්ෂා කරන බවද ඔහු ප්‍රකාශ කළේය.
අයර්ලන්තයේ ඩබ්ලින් නුවර සංචාරයක නිරතවන ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මාධ්‍යවේදීන් ඉදිරියේ අදහස් දක්වමින් මෙම අදහස් පළකර ඇත. සෞදි ඔටුන්න හිමි කුමරු සමග දුරකතන සංවාදයක් පැවැත්වූ බවද ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් තහවුරු කර තිබේ.
යේමනයේ රතු මුහුදු වෙරළ තීරයේ බලය හූති සටන්කාමීන් සතුව වන අතර ඇමෙරිකානු මැදිහත් වීමක් සිදුවුණහොත් බාබ් අල් මැන්ඩෙබ් සමුද්‍ර සන්ධිය වසා දමන බවට හූති සටන්කාමීන් අනතුරු අඟවා ඇත. කෙසේ වෙතත් මැද පෙරදිග කලාපයේ සිටින ඇමෙරිකානු හමුදාවට අණදෙන මධ්‍යම අණදෙන මූලස්ථාන ප්‍රධානියා සෞදි අරාබියට පැමිණ සිටින බවත් හූති සටන්කාමීන්ට දක්වන ප්‍රතිචාරය තීරණය කිරීම ඔහුගේ සංචාරයේ අරමුණ බවත් පැවැසෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd