
(සුජිත් හේවාජුලිගේ)
හිටපු වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ හෙට පෙරවරු 9.30ට පෙනී සිටින ලෙස දැනුම්දී ඇත.
ඒ අනුව තමා හෙට උදේ එහි පෙනී සිටින බව හිටපු අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
සමාගම් රෙජිස්ට්‍රාර් අරමුදලෙන් රුපියල් කෝටි නවයක මුදලක් වෙනත් රාජ්‍ය සමාගමක ආයෝජනය කිරීමෙන් සියයට 59.5ක ප්‍රතිලාභ ලබා ගැනීම පිළිබඳ පැමිණිල්ලක විමර්ශනයකට අදාළව ගුණවර්ධන මහතා මෙසේ කැඳවා ඇත.
ඒ සම්බන්ධයෙන් ගුණවර්ධන මහතා විසින් 2007 වර්ෂයේදී ඉදිරිපත් කරන ලද කැබිනට් සංදේශයක් සම්බන්ධයෙන් මෙහිදී ඔහුගෙන් කරුණු විමසීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd