(නිමල කොඩිතුවක්කු)

වැඩි මිලට පානීය ජල බෝතලයක් අලෙවි කළ බම්බලපිටිය ප්‍රදේශයේ අවන්හලකට රුපියල් මිලියනයක දඩයක් නියම කළ බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.

එම ආයතනය රුපියල් 80/-ක මිලක් සඳහන් පානීය ජල බෝතලයක් රු.100/-කට අලෙවි කිරීම සම්බන්ධයෙන් මෙම දඩ මුදල නියම කර ඇති බව එහි සභාපති හේමන්ත සමරකෝන් මහතා ප්‍රකාශ කළේය.

මෙම සිද්දියට අදාළ නඩුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය (අංක 05) හමුවේ කැඳවූ අවස්ථාවේදී විත්තිකාර සමාගම චෝදනාවට වරද පිළිගැනීමෙන් අනතුරුව රුපියල් මිලියනයක දඩයක් නියම කරන ලදී.