(රංජිත් රාජපක්ෂ)

මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට ඇදහැලෙන අධික වර්ෂාවත් සමග හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ කුයිල් වත්ත ප්‍රදේශයේ පස්කන්දක් කඩා වැටීමෙන් එම මාර්ගයේ ගමනා ගමන කටයුතු පැය දෙකක පමණ කලායක් ඇනහිට තිබුණි.

මීට ප්‍රථමද එම ස්ථානයේ පස් කන්ද කඩා වැටී තිබූ අතර,  කඩා වැටුණු පස් කන්ද කපා ඉවත් කිරිමෙන් අනතුරුව එම මාර්ගයේ ගමනා ගමන කටයුතු යලි යථා තත්වයට පත් විය.

මේ අතර, හැටන් බස් නැවතුම්පොළට ඉහළින් වූ පස් කන්දක් ගාල් කර තිබූ මස්කෙළිය බස් රථයක් අසළට කඩා වැටී ඇත.

ඉන් කිසිවෙකුටත් අනතුරක් සිදු නොවූ අතර, පස් කන්ද යලි කඩා වැටිමේ අවධානමක් පවතියි.

පවතින වර්ෂාවත් සමග හැටන් නුවරඑළිය ප්‍රධාන මාර්ගයේත්, හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේත්, අතුරු මාර්ගවලත් පස් කදු කඩා වැටිමේ අවධානමක් පවතින නිසා එම මාර්ගවල රථවාහන ධාවනය කිරිමේදි සැළකිලිමත්ව රිය ධාවනය කරන ලෙස හැටන් පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.