IMG-LOGO

2025 ජුලි මස 12 වන සෙනසුරාදා


හුස්ම ගන්න බැරි දැරියට දඹුල්ලෙන් ප්‍රතිකාර නෑ

(කාංචන කුමාර ආරියදාස)

හුස්ම ගැනීමේ අපහසුතාවයෙන් පෙළුණු මාස පහක බිළිඳියකට ප්‍රතිකාර නොකිරීමේ සිද්ධියක් දඹුල්ල වීර ඩෙන්සිල් කොබ්බෑකඩුව මූලික රෝහලෙන් වාර්තා වේ.

දඹුල්ල නයාකුඹුර ප්‍රදේශයේ පදිංචි හංසිකා සඳමාලි සිය මාස 5ක්  වයසැති තම දරුවා උදෑසන 6ට පමණ හුස්ම ගැනීමේ අපහසුතාවයකින් දඹුල්ල මූලික රෝහලට ඇතුළත් කර ඇත.

පසුව දඹුල්ල වීර ඩෙන්සිල් කොබ්බෑකඩුව මූලික රෝහලෙහි අංක හය වාට්ටුවට ඇතුළත් කළත් පැය දෙකක පමණ කාලයක් වාට්ටුවේ රැඳී සිටියද දරුවාට කිසිදු ප්‍රතිකාරයක් කර නැත.

දැරියගේ මව සේවිකාවන්ගෙන් විමසීමේ දී වෛද්‍යවරුන් පැමිණෙන තුරු සිටිය යුතු බව  පවසමින් කිසිදු ප්‍රතිකාර ලබා නොදුන් බව මව සඳහන් කළාය.

දරුවා ගේ රෝගී තත්ත්වය උත්සන්න වීම හේතුවෙන් වාට්ටුවට ඇතුලත් කිරිම සදහා ලබාදුන් ඇතුළත් කිරීමේ පත්‍රයද රැගෙන රෝහලෙන් පිටව පුද්ගලික ප්‍රතිකාර කරන ස්ථානයකට යන බව සඳහන් කරමින් දරුවා ද රැගෙන පිටව ගියාය.

රෝහලේ ප්‍රධාන හෙද පාලකවරයා වූ ප්‍රියංජන රංජන මහතාගෙන් මේ සම්බන්ධයෙන් විමසීමේ දී කියා සිටියේ වැඩ වර්ජනය ක්‍රියාත්මක වුවද නේවාසික සහ හදිසි ප්‍රතිකාර කටයුතු සියල්ල සිදු කරමින් පවතින බවය.

මෙවැනි දෙයක් වීම්ට කිසිසේත් ඉඩ නැති බව හෙතෙම සඳහන් කළේය. පසුව අවට සිටි අය කියා සිටියේ එවැනි දෙයක් රෝහල් ඉදිරිපිට සිදු වූ බවය. පසුව ප්‍රධාන හෙද නිලධාරිවරයා දුරකථනය හරහා අංක හය වාට්ටුවට ඇමතුමක් දී ඒසම්බන්ධයෙන් නිසි පිළිතුරක් නොලැබිණි.

බාහිර රෝගී අංශයේ රෝගියා ඇතුළත් කළ සේවකයන් කියා සිටියේ උදෑසන 6 පසු විනාඩි කිහිපයකට එම දරුවා අංක හය වාට්ටුවට ඇතුළත් කළ බව ය

දඹුල්ල මූලික රෝහලට ප්‍රතිකාර ගැනීමට ආ බොහෝ ජනතාවගෙන් මෙම වැඩවර්ජනය කුමක් නිසාදැයි නොදැන සිටීම විශේෂත්වයකි.



අදහස් (14)

හුස්ම ගන්න බැරි දැරියට දඹුල්ලෙන් ප්‍රතිකාර නෑ

Bandara Wednesday, 15 March 2023 04:36 PM

රෝහලේ නම වෙනස් කරන්න.

:       3       23

Tharindu Perera Wednesday, 15 March 2023 04:37 PM

ඇත්තටම කණගාටුයි! දැන් අම්මාට තේරෙනවාද දුරදිග නොබලා හොරුන්ට කතිරේ ගැහුවාම විඳවන්න වෙන්නේ තමන්ගේ දරුවන්ටත් එක්ක කියලා..

:       41       37

KamalWednesday, 15 March 2023 05:18 PM

GMOA දොස්තරලා කතිරේ ගැහුවේ කාටද? ජේවීපී එකටද?

:       4       20

හොරුWednesday, 15 March 2023 05:23 PM

දැන් මේකෙන් හොරු විඳවනවාද? විඳවන්නේ අහිංසක මිනිස්සු කියලා තේරෙන්නේ නැද්ද?

:       6       39

PereraWednesday, 15 March 2023 11:44 PM

රටේ බහුතරයක් මෝඩ මිනිස්සු. මොලයක් පාවිච්චි කරලා චන්දයක් දෙන්න දන්නේ නැහැ.

:       6       11

පුරවැසියෙක්. Wednesday, 15 March 2023 04:55 PM

මනුෂ්‍ය ආත්මයක් ලබා සිටියද මොවුන් තිරිසනුන්ටත් අන්තය. මොවුන්ට ස්වභාව ධර්මයෙන් නිසි කලට , නිසි වේලාවට දඩුවම් ලැබෙනු ඇත.

:       0       2

බද්රානි Wednesday, 15 March 2023 05:30 PM

පහුගිය කාලේ කාබනික වගාවට යොමුවෙලා, "පාඩු ලබපු අස්වැන්න" හේතුවෙන් දොස්තරලා වැඩ වර්ජනය කරන බව මේ රටේ ජනතාව දන්නේම නැද්ද? ඒ මදිවට, "ටැක්ස් රෝගෙන්" දොස්තරලා මේ දිනවල පීඩාවට පත් වෙලාලු...

:       12       29

fairoos Wednesday, 15 March 2023 06:11 PM

මේක නම් නිකන් බොරු චෝදනාවක් වගේ පේන්නේ... දොස්තර ශාෆිගෙන් සැත්කම් කළ මව්වරු ආවේ සල්ලි වලට සාක්කි දෙන්න.. අන්න ඒ වගේ..

:       31       9

අරඹෙදෙනියෙ Thursday, 16 March 2023 06:06 AM

මේ අදහස ඉතාමත් නිවැරදියි දොස්තරලා බලන්නෙ කලින් කලට පාලනය වෙනස්කර ඔවුන්ට හැමදාම තමන්ට විවිධාකාරයෙන් ප්‍රතිලාභ ගන්න විතරයි ඔවුන්ට තමන්ගෙ රට ගැන කිසිම හැගීමක් නැහැ රටේ අනාගත පරපුරට වෙන අසාධාරණය දැනෙන්නේ නැහැ උන්දැලා බලන්නෙ නිළනොලත් පාලකයො වගේ සිටින්න පමණයි වෙනත් කිසිම ප්‍රයෝජනයක් නැහැ

:       2       1

Dr.k Wednesday, 15 March 2023 06:49 PM

ස්ට්‍රයික් කියලා නෑ. දොස්තරලා ළමයි මෙනුවෙන් කැපවෙලා වැඩ කළා. හිටපු හැම ළමයටම වෝඩ් රවුන්ඩ් 3 ක් පවා කරා හිටපු වෛද්‍යවරු. OPD එකෙන් ඇඩ්මිෂන් කොලයක් දාගෙන මේ මනුස්සයා පාරට බැස්සට වාට්ටුවෙ වෛද්‍යවරු මොනවා කරන්නද? පොඩි එකත් පළිද දේශපාලන අදහස් වලට. හොස්පිට්ල් එකේ සී.සී.ටී.වී .ඇත. හොයලා බලන්න.

:       28       10

Dharmatileke Wednesday, 15 March 2023 11:30 PM

ඔය විදියට ඔලුව වහලා තියෙනකොට හුස්ම ගන්නේ කොහොමද.

:       10       1

මරිසිපාල Thursday, 16 March 2023 08:01 AM

හංසිකා දුවේ ඔබේ දරුවා විදින දුක දැක්කම ඔබව පීඩාවට පත්කිරීම කරපු උන්ගේ අම්මලා මතක් වුනේ නැද්ද

:       1       2

janahitha Thursday, 16 March 2023 09:18 AM

කාලකන්නි වැඩ වර්ජන කරපල්ලා. අහින්සක ජනතාව මාරා නොදම.

:       1       2

Kanchana Friday, 17 March 2023 09:02 AM

දරුවා හොඳින් සිටින බව පෙනේ. එසේම ඇතුළත් වීමේ වේලාව උදෑසන 6 යි. උදෑසන 8 ට ගත් ප්‍රවෘත්ති පින්තූරය. මොනතරම් කාර්යක්ෂම වාර්තාකරණයක්ද!!!

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 337 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 867 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1282 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site