නැගෙනහිර හිටපු ආණ්ඩුකාර ඒ.එම්.එල්. හිස්බුල්ලා මහතාගේ බැටික්ලෝ කැම්පස් ආයතනයට (Batticaloa Campus (Pvt) Ltd) සෞදි අරාබියෙන් රුපියල් කෝටි 300කට වැඩි මුදලක් ලැබුණු ආකාරය බරපතළ සැක කටයුතු හෙයින් විදේශ කටයුතු අමාත්‍යාංශය සවුදි අරාබි තානාපති කාර්යාලයේ ද සහාය ලබාගෙන ඒ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් කර එහි ඇත්ත නැත්ත වහාම හෙළි කර ගත යුතු බව එම ආයතනය ගැන විමර්ශන පැවැත්වූ අධ්‍යාපනය හා මානව සම්පත් සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ පාර්ලිමේන්තු කාරක සභාව රජයට නිර්දේශ කර ඇත.
මෙම නිර්දේශය කරනු ලැබ ඇත්තේ අධ්‍යාපන හා මානව සම්පත් සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපති මහාචාර්ය ආශු මාරසිංහ මහතා ඉකුත් 21 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ බැටික්ලෝ කැම්පස් ආයතනය පිළිබඳ නිරීක්ෂණ වාර්තාව මගිනි.
සවුදි අරාබියේ ෂෙයික්අල් රෂාඞ් අබ්දුල්අෂිස්, සෙයික් හලීඞ් ඩාවුඩි, අබු සාලිත්, ෂෙයික් ෆෙරාස් නෂීර්, ෂෙයික් ලිමාන් අලිඅල් ජුෆාලි හා ෂෙයික්අලි අබ්දුල්ලා අල් ජුෆාරී යන පුද්ගලයන්ගෙන් මෙම මුදල් අවස්ථා හතරක දී පොලී රහිත ණය මුදල් වශයෙන් ලබාගත් බවට හිස්බුල්ලා මහතා ප්‍රකාශ කර ඇතත් ඔහු ඒ ණය මුදල් පිළිඳව ලංකා බැංකුව හෝ ශ්‍රී ලංකා මහ බැංකුව හෝ කිසිදු ආකාරයකින් දැනුම්වත් කර නැතැයි ද එම නිරීක්ෂණ වාර්තාවේ සඳහන් වෙයි.
බැටික්ලෝ කැම්පස් ආයතනයේ අධ්‍යක්ෂවරුන් ලෙස කටයුතු කරන නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා හා ඔහුගේ පුත් අහමඞ් හිරාස් හිස්බුල්ලා යන මහත්වරුන් සෞදියෙන් ලැබුණු මෙම මුදල් පිළිබඳව කරන ප්‍රකාශ එකිනෙකට පරස්පර බව පෙනී යන්නේ යැයි පවසන අධ්‍යාපනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව විදේශ මුදල්වලට අමතරව මෙරටින් ද රුපියල් කෝටි 70 ක පමණ මුදලක් බැටික්ලෝ කැම්පස් ආයතනයට වරින්වර ලැබී ඇතැයි ද සඳහන් කරයි.
මේ අතර බැටික්ලෝ කැම්පස් ආයතනයට නීත්‍යානුකූලව දී තිබූ අක්කර 35ට අමතරව අක්කර අටක භූමි ප්‍රදේශයක් නීත්‍යානුකූල නොවන ආකාරයට අත්පත් කරගෙන අනවසර ගොඩනැගිලි ඉදිකර ඇති බවටත් තවත් අක්කර 15ක් විවිධ ඉදිකිරීම් සඳහ හෙළි පෙහෙළි කර තිබූ බවටත් නිරික්ෂණය වී යැයි කාරක සභා වාර්තාව පෙන්වා දෙයි.
ප්‍රදේශයේ පිහිටීම හා දේශගුණික තත්ත්වය අනුව මෙම ආයතනය අධ්‍යාපන ආයතනයක් ලෙස මේ ස්ථානයේ පවත්වගෙන යෑම නුසුදුසු මෙන්ම ඉතා අසීරු බව ද සඳහන් කරයි.
මෙම ආයතනය බිහි කිරීමේ අරමුණ ෂරියා නීතියට අදාළ උලමාවරුන් බිහි කිරීම බවට සැක පහළ වන බවත් හිටපු ආණ්ඩුකාර හිස්බුල්ලා මහතා දෙමළ සභාවෙන් කලකට පෙර දී කළ ප්‍රකාශයකින් ද ඒ බව තහවුරු වන බවත් ආංශික අධීක්ෂණ කාරක සභා වාර්තාවේ දැක්වෙයි.
මේ අතර බැටික්ලෝ කැම්පස් ආයතනය පිළිබඳ නීතිපතිවරයාගේ මතය විමසා ඇති හෙයින් ඒ පිළිබඳ වාර්තාව ද ඉදිරි කාලයේ දී ලැබීමට නියමිතව ඇතැයි අධ්‍යාපනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔවුන් නීතිය ඉදිරියේ දඬුවම් ලබන කල (එය සිදුවේදැයි නොදනිමි) මෙවැනි රටට පමණක් නොව සාමකාමී ලොවටම අහිතකර වූ පටු , දූෂිත , ප්‍රාථමික , ගෝත්‍රික අදහස්වලින් හෙබි මොවුනට රජයේ ඉහල තානාන්තර ලබාදුන් අයටද දඬුවම් ලැබිය යුතුය
අහ්හා ... ඔය එන්නේ කතාව කොටස් වශයෙන් .. හැබැයි ඉතින් මේ පාලකයෝ ඡන්ද පෙරේතකම ඉහවහා ගිහින් ඉන්න වෙලාවක් නිසා .. මුදල් විශුද්ධිකරණය නෙමේ මොන මගුලක් කිව්වත් මේ කතාව යට ගහන්න හදයි .. අපි කොහොම අවදියෙන් උන්නත් වැඩක් නැහැ .. උන් ලස්සනට උන්ගේ එවුන් ව සුද්ද කරනවා .. දැන් පාස්කු දවසේ කරපු වැඩෙත් අපිම කර ගත්තා වගේ කතා කරන්නේ ඔය . ... මේ මොනවා කිව්වත් වැඩක් නැහැ .. දියවන්නාවේ ඉන්න බුරුවො 225 එලවලා දාන්නේ නැතුව ...
අහ්හා ... ඔය එන්නේ කතාව කොටස් වශයෙන් .. හැබැයි ඉතින් මේ පාලකයෝ ඡන්ද පෙරේතකම ඉහවහා ගිහින් ඉන්න වෙලාවක් නිසා .. මුදල් විශුද්ධිකරණය නෙමේ මොන මගුලක් කිව්වත් මේ කතාව යට ගහන්න හදයි .. අපි කොහොම අවදියෙන් උන්නත් වැඩක් නැහැ .. උන් ලස්සනට උන්ගේ එවුන් ව සුද්ද කරනවා .. දැන් පාස්කු දවසේ කරපු වැඩෙත් අපිම කර ගත්තා වගේ කතා කරන්නේ ඔය .... මේ මොනවා කිව්වත් වැඩක් නැහැ .. දියවන්නාවේ ඉන්න බුරුවො 225 එලවලා දාන්නේ නැතුව ...
කෝටි 300 ක් බුදු අම්මේ ...මට නම් පරම්පරා දාහකටත් වඩා ඕක ඇති
හිස්බුල්ලා සෞදියට අහස්යන්ත්‍රයකින් ගිහින් පෙට්ටියකට දාගෙන සල්ලි මෙහෙ ගෙනාවාවත්ද? මෙච්චර විශාල මුදලක් රටකින් මෙරටට ආවේ කොහොමද මහා බැංකුව නොදැන? මහා බැංකුවක් මේ රටේ තියෙනවාද කියන එක ඉස්සරවෙලා හොයන්න ඕනි ප්‍රශ්නෙයි.
අපේ රටේ හැමදාමත් වෙන්නේ අශ්වයා ගිය පසු ඉස්තාලය වසා දැමීමයි.... දැන් දැන් කතා කරන්න ආකාරයට මේ වන තෙක් කිසිම කෙනෙක් මේ ගැන දැන සිටලා නෑ... ඔක්කොම කරන්නේ මිනිස්සු රවට්ටන එක...
එදා බයිසිකල් බෝම්බ ගැන සේව්වා නම් එතනින් වැඩේ ෂේප් මේවා එලියට එන්නේ නැහැ නේද? මේ වෙනුවෙන් ජීවිත පූජා කල අය වෙනුවෙන් සිංහල බෞද්ධ ජනතාව විශේෂයෙන් ආධාර උපකාර කලයුතුය. ඒ සඳහා සංවිධාන විය යුතුය.
අනෙක් සියලුම නීති මෙන් .. මේකත් නීතිය නාමලා කරපු වඩක්. ත්‍රස්තවාදී මූල්‍යකරණය .. සහ අනෙකුත් සියලුම නීති අපට පමණි. මේ ඔක්කොම අපිට කොකා පෙන්නනවා.
රුපියල් කෝටි 300ක් හිස්බුල්ලා සෞදි අරාබියේ ඉඳන් එනකොට සාක්කුවේ දාගෙන ආවා වෙන්න බෑනේ. උඩ ඉඳන් පහළටම නිලධාරීන්ගේ උදව් ඇතිව තමා මේවා සිද්ද වෙන්නේ... අර බෝම්බ ප්‍රහාරය නොවෙන්න මේ කිසි දෙයක් එළිවෙන්නේ නෑ...
එතුමා කොටි 300 විශ්ව විද්‍යාලයක් හැදුවා . කෝ අර සුනාමි සල්ලි කොටි 400 ???????
මහපක්ෂ දෙකේම තිබෙන ඡන්ද පෙරේතකම නිසා පාස්කු ප්‍රහාරයෙන් මියගිය අසරණ මිනිසුන්ට සහ රටට සාධාරණයක් ඉටුවෙන්නේ නැහැ. ඡන්දවලට කලින් මොවුන් හැමදාම එකඑක බොරු පොරොන්දු දෙමින් අපිව රවට්ටනවා. ඊට පස්සේ පවුල් පිටින් එකතුවෙලා රට සූරාකනවා. කාදිනල්තුමනි, මේ රට ගලවාගන්න නම් ඔබතුමා හෝ ඔබතුමාගේ නියෝජිතයෙක් මහා සංඝරත්නයේ ආශීර්වාදය ඇතිව ජනාධිපතිවරණයකට ඉදිරිපත් කරන්න. ඉතුරුටික ඡන්ද දායකයෝ බලාගනී..
ඔය දකින්න තියන දේ විතරනේ. දකින්න නොමැතිව සාක්කුවට ගිය ප්‍රමාණය කොපමණ ඇද්ද? නිකම් කිසිම කෙනෙක් මොකුත් දෙන්නේ නැහැ.මොනවා හරි වාසියක් දෙන අයට ඇති.
මෙතන හිස්බුල්ලා කරලා තියන්නේ ඔහුගේ පවුල්වලට පරම්පරා ගණනාවට ස්ථීර ආදායම් මාර්ගයක් මිස මුස්ලිම් සමාජයට කළසේවයක් නොවේ. එහෙම මේක මුස්ලිම් සමාජය වෙනුවෙන් කළ එකක් නං, මේක කොහොමද පුද්ගලික විශ්ව විද්‍යාලය වෙන්නේ? අනික මේක ක්ෂණික දවසකින් හෝ දෙකකින් ඉදිවුණු එකකුත් නොවේ. මේක පටන්ගත්තෙත්, අනුමැතිය දුන්නෙත් පහුගිය ආණ්ඩුවෙන්... මේක මහින්ද රාජපක්ෂ ආණ්ඩුවත්, වර්තමාන ආණ්ඩුවත් දැනුවත්ව තමයි ඉදිකරන්නෙත්, මුදල් ලැබුණෙත්. එ්ක ඉතා පැහැදිලියි. පුද්ගලික විශ්ව විද්‍යාලයකට කොහොමද රජයේ ඉඩම් ලබා දුන්නේ? අනික හිස්බුල්ලා පහුගිය ජනාධිපතිවරණයේ සහ මහමැතිවරණයේදීත් සහාය දුන්නෙත්, තරඟ කළේත් මහින්ද පාර්ශවයෙන්. නමුත් ක්ෂණිකව මෛත්‍රි හමුවෙලා ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට රිංගා ගත්තේ මේක යටපත් කරන්න. අද බලන්න පොහොට්ටු පාර්ෂවය මේගැන කතා කරන්නේම නැහැ. හරි නම් මෙතන්ට හිස්බුල්ලා පමණක් නොවේ... මේකට අවසර දුන් ඩලස් සහ එවකට හිටිය මහවැලි ඉඩම් භාර ඇමැතිටත් නීතිය ක්‍රියාත්මක කළයුතුයි. අනිවාර්යයෙන්ම මේකේ දේශපාලකයෝ කිහිප දෙනෙකුට කොමිස් ගිහිල්ලා ඇති...
උපක්‍රමශීලිව මේ ඉඩම ලබා දී ඇත්තේ ඡන්දයට මුහුණ දීමට අති ගරු අලහප්පෙරුම සහ රාජපක්ෂලා විසින් බව කියවේ. පසුව පත් වුණු රජය කිසිවක් හැඟෙන්නේ නැති ආණ්ඩුවක් නිසා මෙහි ඉදිකිරීම් සිඝ්‍රව අවසන් කොට ඇත. සියලු අනුමැතිය නොදැනීම ලබා දී ඇත. දැන් අපි දන්නේ නැහැ, දැනුනේ නැහැ කියන්නට සිදුවී ඇත. බෝම්බ පිපිරුණු තැන, ජනතාව මියගිය තැන සියල්ල සුළු ප්‍රමාණයකින් දැනී ඇත. කොල්ලුපිටියේ සමනල පාලනයට එය තදින් නොදැනේ. වැරදුනු අපිට බුදු සරණයි... දෙවි පිහිටයි... වහාම ඡන්දය පවත්වා මතකය දැනීම අතිකර ගැනීමට අපි බලකරමු. දකුණට, උතුරට බස්නාහිරට විශ්ව විද්‍යාල බැහැ. නැගෙනහිරට පුළුවන්... අපේ මව්බිම විනාශයට ගිහිල්ලා කියල හිතෙනවා.
හනේ !!! ඩේසි ආච්චිගේ මැණික් මල්ල ඒ පැත්තෙත් දාලා ගිහිල්ලා. මේ ඔක්කොම හොරු. අම්මලාගෙන් පේන අහන්නේ නැතිව හොඳට කල්පනාකරලා බලලා ඊළඟ පාරවත් තම විටිනා ඡන්දය පාවිච්චි කරන්න. හැබැයි අනිවාර්යයෙන්ම ඡන්දය දාන්න. නැතිනම් හොර හැත්ත තමුන්ගේ ඡන්දයෙන් අයුතු ප්‍රයෝජන ගනියි.
ඡන්ද පෙරේතකම නිසා ඉඩකඩම් ආගමික අන්තවාදයට පවරා දුන්න (පසුගිය රජයේ දෙන්නෙක් මේකට හවුල්) මේ රජය බලය සහ ඡන්ද පෙරේතකම නිසා විශ්ව විද්‍යාලය කඩිනමින් හදන්න අනුග්‍රහය දුන්නා. 19 වැනි ව්‍යවස්ථාව නිසා පාස්කු ප්‍රහාරයෙන් මියගිය අසරණ මිනිසුන්ට සහ රටට සාධාරණයක් ඉටුවෙන්නේ නැහැ. බලය කාටද කියා ප්‍රශ්නයක්... අපිට නුඹලා එපා වහාම ඡන්දයක් පවත්වවූ ... අපිට රට, මව්බිම වටිනවා.
ඒ පාර සුනාමියකුත් ඇවිල්ල ඉන් පස්සේ කොපමණ දේවල් වුණාද? ස්නායු පද්ධතියම අකර්මන්‍ය වෙලා.
මී ළඟට අපේ රටේ නායකයා හිස්බුල්ලාබාහු රජතුමා...
හෆීල් මහත්මය ඔබතුමාගේ අදහස සමග මට සම්පූර්ණයෙන් එකඟ වෙන්න බැහැ. මේකෙන් සාමාන්‍ය සම්ප්‍රදියික මුස්ලිම් ජනතාවට සේවයක් නොවන එක මම පිළිගන්නවා. මොකද ඔවුන්ට ආගමික දැනුම පල්ලිවලින් කුඩාකල සිට ලැබෙන නිසා, මේ විශ්ව විද්‍යාලය නිසා හිස්බුල්ලාට හෝ ඔහුගේ පවුලේ පුද්ගලයින්ට විශාල අාදායමක් ගෙන දෙන අාදායම් මාර්ගයක් කියලා කියන එක මම ප්‍රතික්ෂේප කරනවා. මොකද වෛද්‍ය, ඉංජිනේරු, පරිගණක, ව්‍යාපාර කළමනාකරණය වැනි විෂයයන් මුදල් ගෙවලා ඉගෙන ගන්න ඕනේ තරම් ඉල්ලුමක් ලෝකය පුරාම තියෙනවා. නමුත් ෂරියා ඉගෙන ගන්න ඉල්ලුම තිබෙන්නේ වහබ් අන්තවාදීන්ගෙන් පමණි. මොකද මම කලින් සඳහන් කර පරිදි කුඩාකළ සිට මුස්ලිම් ජාතිකයින්ට ආගමික දැනුම ලැබෙන නිසා වැඩිදුර ඉගෙන ගන්න කැමති කෙනෙකුට සවුදියට හෝ ඉරානයට ගොස් ඉගෙන ගන්න පුළුවන්... ඉහත සඳහන් කළ කරුණු අනුව මම කියනවා මේක අනිවාර්යයෙන් අන්තවාදීන්ගේ අවශ්‍යතාවය ඉටු කරන්න හදපු දෙයක්... සෞදි අරාබියේ, ඉරානයේ අපට එක බුදුපිළිමයක් හදන්න අවසර නැත්නම් අපි මොකටද මෙහෙ ෂරියා විශ්ව විද්‍යාල හදන්න ඉඩ දෙන්නේ? මේක අනවසර ඉදිකිරීමක් නම් වහාම ඩෝසර් කරලා දමන්න...
මේකේ අග මුල හොයාගත්තත් එ්ක දකුණු ආසියාවේ රටවල් ගණනකට කරන උදව්වක් වේවි... මොකද සෞදිකාරයෝ නිකන් සල්ලි දෙන්නේ නැහැ.. ඒ වෙනුවට ඔවුන් වෙනුවෙන් කලයුතු ලොකු දේකුත් ඇති ...
මම මේ ළඟදි දවසක රුපියල් ලක්ෂයක චෙක් එකක් මාරු කරන්න ගියාම බැංකුව මගෙන් අහනවා මේක කොහොමද ඔයට ලැබෙන්නේ කියලා... අපිට එහෙමයි, ඒ ගොල්ලන්ට එහෙමයි.
තවමත් නිදැල්ලේ. දේශපාලකයින්ට දොළ පිදේනි දුන් නිසා තවමත් මොවුන් දෙපලම නිදැල්ලේය. අහෝ සිංහලුනි..
සිරිගේ මරු ගෝලයා. මෙච්චර වැරදි කරලත් ලස්සනට තාමත් එළියේ... ඉස්සරහටත් එළියේම ඉඳියි වගේ... සාමන්‍ය මනුස්සයෙක් පොඩි ගාණක් හරි එහෙ මෙහෙ කළා නම් මෙලහට හිරේ. අනිත් ගෝලයා හොරට සල්ලි ගේනවා. දෙන්නම රට අරාබියක් කරන වැඩේ ලස්සනට කරන් යනවා මෝඩ පාලකයන් නිසා...
දැන් කරන්න තිබෙන එකම දෙය මේක අනවසර ඉදිකිරීමක්ද නැද්ද යන්න සොයාබලා අනවසර ඉදිකිරීමක් නම් මේක ඩෝසර් කරලා පොළවට සමතලා කරලා දමන එක... මේ කරුණ පිළිබඳව මම අපේ ප්‍රදේශයේ මුස්ලිම් ආගමික නායකයෙක් එක්ක කතා කළා... ඔහු කියන්නේ අපේ රටේ අවුරුදු සියගණනක ඉඳන් පැවතෙන මුස්ලිම් ආගමික දැනුම ලබාදෙන අධ්‍යාපන ක්‍රමයක් තිබෙනවා. අලුතෙන් මෙවැනි ෂරියා විශ්ව විද්‍යාල අවශ්‍ය නැහැ. මේකෙන් උගන්වන්නේ අපේ රටේ පැවත එන සාම්ප්‍රදායික මුස්ලිම් ආගම නොව විනාශකාරී මිනීමරු විකෘති අදහස් තියන බියකරු දෙයක් බවත්, මේවා තහනම් කළයුතු බවත්ය.
ඔය මුස්ලිම් ඇමැතිවරුන්ගේ සුරඟන කතාවලට නොරැවටෙන්නේ.... ඔවුන්ට ඇත්තේ එකම අරමුණයි. ඒ ලංකාව තුළ ෂරියා නීතිය ටිකෙන්ටික ක්‍රියාත්මක කර ලංකාව මුස්ලිම් රටක් කිරීමේ ව්‍යාපාරයයි. ඔවුන් ඒ සඳහා වරින්වර රට පාලනය කරන නායකයන් හෝ පක්ෂයන් යොදා ගන්නවා. මොන මුස්ලිම් ඇමති අාවත් ඔවුන්ගේ අරමුණ එකයි. ඒ නිසා සියලු පක්ෂ කොළ නිල් හෝ දෙමළ පක්ෂ මේ භයංකාර තත්වය තේරුම් ගන්න ඕනේ... මොකද මුස්ලිම් අන්තවාදය ස්ථාපිත වුනොත්, දෙමළ, සිංහල නෙමේ කිසිම අනෙක් ආගම අදහන කෙනෙක්ට ලංකාවේ ජීවත් වෙන්න ලැබෙන්නේ නැහැ. මෙයට පිළියම් යෙදීමට ඇති හොඳම වෙලාව මෙයයි. මේ මුස්ලිම් ඇමතිවරුන්ට කෝටි ගණන් මුදල් ලැබෙන විදිහ හොයලා බලනවට අමතරව.. ඒවා ලංකා බැංකුවේ අනුමැතියක් නැතිව ලැබුනේ කොහොමද ඒවාට උදව් කලේ කවුද? යනවග හොයන්න ඕනේ...
බොහොම ස්තුති ආශු මාරසිංහ... ඔබ එඩිතර මිනිහෙක්... මේවා හෙලිදරව් කළාට... රටට, අවංකව ආදරය කරන මිනිස්සු නැතිකම තමයි ජාතියේ අවාසනාව...
අහෝ...! අප පාලනය කරන ආණ්ඩුවල ඇති දුර්වල හෝ නොසැලකිමත්කම... නැතහොත් ලාභ ප්‍රයෝජන තකා කරනවා විය හැකිය. මෙවැනි රටට සහ ජනතාවට සහ ගැන වැඩ කරන දේශපාලකයන් පත්නොකිරීම රට වැසියා සතු යුතුකමකි. පැලයක් සිටුවා මහා වෘක්ෂයක් වී ප්‍රශ්නයක් වනතුරු බලා සිටීමට වගකිව යුත්තේ කවුරුන්ද? පාලකයන් නොවේද? මෙය එකකි, තව මෙවන් දේ කොපමණ ඇත්ද? මෙවන් තුච්ඡ දේශපාලකයන් හට ජාතියක්, ජන්මයක්, ආගමක් සහ දේශයක අවශ්‍යතාවයක් නොමැත. ඔවුන්, ඔවුන්ගේ පවුල් ඇතුළු හිතමිතුරු කැල පමණකි. අනිකුන් හට හෙන ගැහුවත් කම් නැත. ඡන්ද දායක ජනතාව සතුව ඇත්තේ ඔවුන් පත්කළ මෙම අධමයින් මාධ්‍ය ඉදිරියේ එකිනෙකා කුළල් කා ගන්න සැටි නැරඹීමයි. අප මාතෘ භූමියට රට, දැය, ආගම සුරකින උගත් හිතෛෂි පිරිසකගෙන් යුත් දැවැන්ත පෙරලියක් නුදුරු අනාගතයේ අතිශයින් අවශ්‍යය නැතහොත් චීන, අරාබි, ඉන්දියන් ඇමෙරිකානු පාරාදීසයක් බවට පත්වී උපන් උරුම අපට වහලුන් වීම නියතය... ඔය කාලකන්නි වයසට ගිය සෑම දේශපාලුවෙක්ම එදාට නැත. ඔවුන්ගේ පවුල්ද වෙනත් රත්ව ආක්‍රමණය කොට ඇත. ඒ සැමට දඬුවම් විඳීමට සහ මුහුණදීමට සිදුවන්නේ කිසිත් නොදන්නා අපේ අනාගත පරපුරටය. ඇස්ඇර කටයුතු කිරීමේ කාලයේ අත හරි තීරණ ගත යුතුයි. ජය ශ්‍රී ලංකා...!!!
ඉතින් උලමාවරු හිටියාම මොකද වෙන්නේ?
ලංකාවේ විදේශ විනිමය ගනුදෙනු කරන පුද්ගලික ආයතන ලියාපදිංචි වාණිජ බැංකු නොවේ, ඩොලර් මාරුකරන ආයතන වලින් 90% අයිති මුස්ලිම් ජාතිකයන්ට බව පෙනී යනවා.
රට රජය සතුය. රජය ජනතාව සතුය. ජනතාව වෙනුවෙන් රාජ්‍ය (රජය) පාලනය මෙහෙයවීමට පත්වන ආණ්ඩුව ඒ පත්වන කාලයට රටේ සියලු කුදු මහත් පාලන ව්‍යූහයන්ට වගකිව යුතුය. එපමණක් නොව පෙර පැවති ආණ්ඩු විසින් කරන සියලු පරිපාලන හා රාජ්‍ය පාලන උපාය මාර්ග පිළිබඳ ඌණතා අධීක්ෂණය කර ක්‍රියා මාර්ග ගැනීමද පවතින ආණ්ඩුවේ වගකීමය. එය පැහැර හැරීම ආණ්ඩුව, රටට ජනතාවට කරන ද්‍රෝහීකමකි. රජය දැනුවත් නොකර නැගෙනහිර හිටපු ආණ්ඩුකාර ඒ.එම්.එල්. හිස්බුල්ලා බැටික්ලෝ කැම්පස් ආයතනයට (Batticaloa Campus (Pvt) Ltd) සෞදි අරාබියෙන් රුපියල් කෝටි තුන් සියයකට අධික මුදලක් ලැබීම සැක සහිත නම් රටේ ජනතාවගේ ස්වාධිපත්‍යය වෙනුවෙන් ඒ සියල්ල රාජ සන්තක කළ යුතුය. ඊට පසු විධිමත් පරීක්ෂණයක් කළ යුතුය. රජය මේ සියල්ලටම වගකිවයුතු අතර ආණ්ඩුව කරන ඇත්තන් වගකීම පැහැර හැරීම රාජද්‍රෝහී කමකි.
රටේ පාලකයන් පිළිබද කලකිරීමක් තිබුනද, අඩුම තරමින් මෙම ආකාරයෙන් හරි ඇත්ත එලියට කියන්න පුළුවන් මිනිස්සු සහ රට තුල පිළිගත් යාන්ත්‍රණයක් තිබීම ගැන ටිකකකින් හෝ සතුටු වෙන්න පුළුවන්.
මේ හැම දෙයක්ම ඔප්පු කරන්නට මේ අයට සියලු චෝදනා වලටම ඉදිරිපත් කරන්න ලිපි ලේඛන තියනවා. ඔක්කොටම කලින් මේ ලිපි ලේඛන සපයා දුන්න නිලධාරීන් කවුද, ඒ අයගේ බැංකු ගිණුම් කොහොමද කියලත් සොයා බලන්න කමිටුවක් පත් කොලොත් හොඳයි. කැලේ ගස් නසන්නේ කැලේ ගහක්ම තමයි.