(අංජුල මහික වීරරත්න)
පස්සර නිරෝධායනය මධ්‍යස්ථානයට යැවූ නිරූපණ ශිල්පිනී පියුමි හංසමාලි ඇතුළු පිරිසකගේ අමතර ඇඳුම් රැගෙන යාමට අවස්ථාවක් දෙන ලෙසට කළ ඉල්ලීමකට අනුව සානුකම්පිතව සලකා බසය තලංගම පොලිසියට රැගෙන ගොස් අදාළ ඇඳුම් බසයට ගැනීමට අවස්ථාවක් දුන් බව ද මහජන ආරක්ෂක අමාත්‍යංශය පවසයි.
එම පිරිස නිරෝධායනට රැගෙන යමින් සිටියදී කළ ඉල්ලීමක් අනුව අමාත්‍ය සරත් වීරසේකර මහතා සානුකම්පිතව බලා අදාල අංශ දැනුවත් කර අවශ්‍ය ඇඳුම් පැළඳුම් ලබා ගැනීමට අවස්ථාවක් ලබා දුන් බව ද එම අමාත්‍යංශය කියයි.
නිරෝධායන නීති කඩමින් කොළඹ තරු පහේ හෝටලයකදී සාදයක් පැවැත්වීමේ චෝදනාව මත පියුමි හංසමාලි සහ චන්දිමාල් ජයසිංහ ඇතුළු 15 දෙනකුට අධිකරණයෙන් ඇප ලැබීමෙන් අනතුරුව පස්සර නිරෝධායන මධ්‍යස්ථානයට යොමු කිරීමට පොලිසිය පියවර ගත්තේය.
ඒ අයන අතර තුර ඔවුන් වෙනුවෙන් ඉදිරිපත් වු නීතිඥවරයකු,පියුමි හංසමාලි, චන්දිමාල් ජයසිංහ යන අය කළ ඉල්ලීමක් සැලකිල්ලට ගෙන එම තිරණය ගත් බව මහජන ආරක්ෂක අමාත්‍යංශය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොලව් මේ රටේ දැවෙනම ප්රශ්නය ඕකද?
මටත් දෙන්න ඔබතුමන්ගේ අංකය...?
ඔය ඇත්තමද කියන්නේ?
පල්ලමෙන් තමයි ගං වතුර ගලා යන්නෙත්... මේ සහන සාමාන්‍ය මිනුස්සුන්ට ලැබෙනවාද? දැන් රටේ නීති රීති, දඬුවම් සේරම පොඩි මිනිස්සුන්ට තමයි. කෝ කුරුණෑගල පුරපතිට නීතිය ක්‍රියාත්මක වුණාද?
සේකර... වියත් මගෙන් නැවතත් පාර්ලිමේන්තුවට යවමු.. එන ඡන්දෙදී 69 ලක්ෂෙට එහෙම හිත හදා ගන්න පුලුවන්..
මෙයාගෙත් ජෝගියක්... ශැංග්‍රිලා එකේ තිබුණා කියලා කතාවක් තියෙනවා. ගවේශණාත්මක ජනමාධ්‍යකරුවනි. කරුණු හොයලා රටට කියන්න.
කරන්න දෙයක් නැතිනම් ගෙදරට වෙලා ඉන්න. දෙකයි පනහේ කේස්වලට මාධ්‍ය සංදර්ශන දාන්නේ නැතිව. පුදුම විදිහටනේ කඩේ යන්නේ...!!!
දැන් එතකොට නිරෝධායනයට යන අතරතුර මොනවාහරි ඕනැ වුණොත් සරත් ඇමැතිතුමාට කතා කළාම හරිනේ... ලොකු දෙයක් දැනගත්තු එක..
ආ... මෙයාගේ ඔය සහනේ දුප්පත් මිනිස්සුන්ටනේ නේද? පියුමි හංසමාලිට විතරද? පුදුම ජනතා නියෝජිතයින්ද මන්දා...!!!
අපිට ආරංචි වුණේ නැහැ මොකක්ද කියලා..?
කවුදෝ කෙනෙක් "රියර් අද්මිරාල්වරුත් මනුස්සයෝය" කියලා ලියල තිබ්බේ මොකද කියලා තේරුම් ගන්න බැරුවයි මම මේ දසඅතේ කල්පනා කරන්නේ... කාගෙද මන්දා ඇස් බැඳගන්නා තරමට පියකරු පින්තූරයකුත් ඒ එක්කම පළකර තියෙනවා.
ඇමතිතුමාට ඇත්තේ පුදුම කරුණාවක් නේ? කියලා වැඩක් නැහැ.
වීරසේකර නැවතත් හත්පොළේම ගාගෙන.. මේ මනුස්සයා මාසෙකට පාරක් මොකක් හරි කුණු බාල්දියක් ඔලුවේ හලාගන්නවා.
ගමේ කමලාවතී කතා කරත් ඔය විදියට ප්‍රතිචාර දක්වනවද? මෙතුමා තරම් නෑව නෙවෙයි හෑව කෙනෙක් මේ ආණ්ඩුවෙ නැති තරම්...
මෙයා ඡන්දෙ දිනුවේ පියුමි හංසමාලිගේ ඡන්දෙන්ද? කඩුවෙල අවට ගංවතුරට යටවෙලා... ඒ මිනිස්සු මතක නැද්ද? ඡන්දෙ ගන්න නම් වටෙන්ම ආවා. පියුමිට ඇඳුම් අන්දවන්න මෙයා හරි කැමැතියි වගේ. තව ඡන්ද ඉස්සරහට එනවනේ.
නීතීඥවරයකු ඉල්ලූපලියට පහසුකම් ලබා දෙන්න ආරක්ෂක අමාත්‍යාංශයක් මොකටද? එතකොට අනිත් මිනිස්සු නිරෝධායනයට ගෙනියනකොට ඔය පහසුව සැලසුවාද?
මෙයාලට ඒ හැටි ඇන්දුම් ඕනේද? යාන්තම් උඩ යට වහගන්න තිබුනොත් මදෑ. වැඩිපුරම ඉන්දලා පුරුදු එහෙමනේ?
මෙන්න රටේ ඇමතිවරු. රෙද්ද අස්සෙන් සේවය දෙන්නේ. කෝ 69 ලක්ෂේ...?
මොනවටද ඇඳුම්..? මෙයාලා සමහර වෙලාවට ඇඳුම් නැතුවමයි ඉන්නේ..!!!
හන්සමාලි ගෙදර ආවහම සරත්ට මොනවා දෙයිද?
ඇමැතිතුමා මාර වැඩ තමයි කරන්නේ.. නෝනට එහෙම ආරංචි වෙන්න නැතුව ඇති නේද?
මේ පත්තරේ කියන්නේ අවශ්‍ය උපකරණත් යැව්වා කියලා. දැන් ඉතින් මාසයක් වුණත් සතුටින් ඉඳීවි. කොහෙන්ද ඇමැතිතුමා උපකරණ ගත්තේ?