
(ටී.කේ.ජී.කපිල )
රුපියල් දහ අට කෝටි දස ලක්ෂයක් වටිනා "හෂීෂ් " මත්ද්‍රව්‍ය තොගයක් කටුනායක ගුවන් තොටුපොළට රැගෙන විත් , ඒවා ගුවන් තොටුපොළ කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති " හරිත මාවත " ඔස්සේ පිට කර ගෙන යාමට තැත් විදේශීය ගුවන් මගී කාන්තාවක් , රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් අද(22) අත් අඩංගුවට ගෙන තිබේ .
ඇය 37 හැවිරිදි කැනඩා ජාතික කාන්තාවකි . ඇය මෙම මත්ද්‍රව්‍ය තොගය කැනඩාවේ මොන්ට්‍රියල් නුවරින් රැගෙන කටාර් රාජ්‍යයේ දෝහා වෙත පැමිණ තිබේ.
ඇය විසින් රැගෙන ආ ගමන් මලු තුළ මෙම " හෂීෂ් " මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 18 යි ග්‍රෑම් 123 ක ප්‍රමාණය සගවා ගෙන තිබුණි .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ජාත්‍යන්තර ජාවාරමක්... නීතිය අකුරටම ක්‍රියාත්මක කරනවා වගේම, සියලුම තානාපති කාර්යාල මේ ගැන දැනුවත් කරන්න. ඒ අයගේ රටවලට මේ පණිවිඩය දීම ඔවුන්ගේ යුතුකමයි. ඒ වගේම සෑම ගුවන් යානයක්ම ගොඩබෑමට පෙර එම නිවේදනය නිකුත් කරන්න.
ඔව් ඉතිං තරයේ අවවාද කර නිදහස් තරන්න. අපේ රටේ නීති හරිම ලිහිල්නේ. වෙන රටවල නම් මරණය නැත්නම් දීර්ඝකාලීන සිර දඬුවම්. මේක මේ ආසියාවේ ආශ්චර්යයනේ...!