
(සුජිත් හේවාජුලිගේ )
හවුල් ආණ්ඩුව හැදුවේ සියලු දෙනා එකතුවී හෙයින් රටේ තීරණාත්මක දේවල් ගැන තීරණ ගත යුත්තේද සියලු දෙනා සාමූහිකව එකතුවී බව තමාගේ අදහස යැයි ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා ලංකාදීපයට පැවැසීය.
සාමූහික වගකීම කියන්නේ සාමූහිකව වැඩ කිරීම මිස අන් දෙයක් නොවේ යැයි පැවසූ හෙතෙම යම් යම් අය යම් යම් දේවල් කටට ආ පළියට කතා කිරීම සුදුසු නැති බවද සඳහන් කළේය.
වගකීම කුමක්දැයි අප කාටත් වඩා හොඳින් හඳුනන බවද ඇමැතිවරයා පැවසුවේය.
නානායක්කාර මහතා මෙසේ පැවසුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා විමල් වීරවංශ, උදය ගම්මන්පිල සහ වාසුදේව නානායක්කාර යන ඇමතිවරුන්ට එරෙහිව කර ඇති ප්‍රකාශය සම්බන්ධයෙන් අදහස් පළ කරමිනි.
එම ඇමැතිවරුන් තිදෙනා කැබිනට් සාමූහික වගකීම කඩ කර ඇති හෙයින් ඔවුන්ට එරෙහිව පියවර ගන්නැයි ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කිරීමට කටයුතු කරගෙන යන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම්වරයා ඊයේ (31) ප්‍රකාශ කළේය.
ඇමැතිවරුන් තිදෙනාගේ ක්‍රියා කලාපය සහ හැසිරීම ආණ්ඩුවේ ඉදිරි පැවැත්මට බරපතළ තර්ජනයක් හා ගැටලුවක් බවත් ඔවුන් මේ ආකාරයට පදනම් විරහිතව ආණ්ඩුව විවේචනය කරමින් කටයුතු කිරීම ඉතා පහත් කැත වැඩක් බවත් නීතිඥ සාගර කාරියවසම් මහතා වැඩිදුරටත් පැවසුවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබතුමා මොනවා කිව්වත් ඇමතිකමෙන් අස්වෙන්නෙත් නැහැ. අස් කරන්නෙත් නැහැ. ආතල් එකක් දීලා, ඡන්ද ටික රැකගන්න අපිව රැවටීමේ ප්‍රයත්නයක් පමණයි...
මොකෙන් ගත්තත් රට විනාශ වෙච්චි එක තමයි වුණේ...!!
ඔය කියන්නේ 20ට ඉස්සෙල්ල. දැන් පවුල් ආණ්ඩුවේ තීරණ පවුල විසින් ගත යුතුයි.
එය එසේම විය යුතුයි.