
(උපුල් හේරත්)
අනුරාධපුර ප්‍රධාන දුම්රිය ස්ථානයේ යතුරුපැදි ගාලක තිබූ හිස් වැසුමක් කිසියම් අයෙකු සොරාගෙන ගොස් ඇති හෙයින් එහි හිමිකරු වන දුම්රිය ආරක්ෂක නියාමක මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් අද (18) සිට වැඩ වර්ජනයක් ආරම්භ කර තිබේ.
මේ නිසා අනුරාධපුර සිට කිලිනොච්චිය දක්වා ගමන් ගැනීමට නියමිතව තිබූ දුම්රිය ධාවනය නොවු බව අනුරාධපුර ප්‍රධාන දුම්රිය ස්ථානය කියයි.
ඊයේ (17) රාත්‍රී හතයි පහළොවට පමණ අනුරාධපුර ප්‍රධාන දුම්රිය නියාමක පී.කේ.පී.පිරිස් මහතාගේ හිස් වැසුම නාදුනනා අයෙකු විසින් සොරාගෙන ගොස් ඇත.
දුම්රිය ස්ථානයේ යතුරුපැදි ගාලේ නිසි ආරක්ෂාව නොමැති බව පවසමින් ඊට විරෝධය පල කිරීම සඳහා මෙම නියාමක මහතා ඇතුළු එම ශ්‍රේණියේ නිලධාරීන් විශාල පිරිසක් සේවයෙන් ඉවත් වී ඇත.
එසේ සේවයෙන් ඉවත්වීම නිසා ඊයේ උදෑසනඉ08.05 ට පමණ අනුරාධපුර සිට කිලිනොච්චිය දක්වා ධාවනය වීමට තිබූ දුම්රිය ගමන් කර නැතැයි කියයි.
මෙම හේතුව නිසා යාපනයේ අරවිල් නගර් විශ්ව විද්‍යාලය දක්වා යෑමට සිටි විශ්ව විද්‍යාල සිසුන් විශාල පිරිසකට ගමනාගමනයට බාධා එල්ල වී ඇත එපමණක් ද නොව විදෙස් ජාතිකයින් විශාල ප්‍රමාණයක් ඊයේ දින පැමිණ සිටි බව අනුරාධපුර දුම්රිය ස්ථාන අධිකාරි කේ.සි.ආර්. නවරත්න මහතා පැහැදිලි කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හප්පා.. මොන රටක්ද අනේ මේ? තවටික දවසකින් තමුන්ගේ අඹුඩේ නැති වුණා කියලත් රාජකාරිය නවතා දමාවි!
හරිම පරාර්ථකාමී අය -- අපි ඉතිං දේශපාලකයන්ට බැණ බැණ ඉමු නේද ....
වහාම මොහු ගේ සේවය තහනම් කළ යුතුයි
හිස් වැස්මත් නැති වුණ එකේ අරෑගේ ඔලුවත් ගලෝලා අතට දුන්නානම් වැඩ වර්ජන, ටික දවසකට හරි, නවතිනවා.
මේ වගේ වැඩ නම් හරිම වැරදි මිනිස්සු කී දෙනෙක් අමාරුවේද?
මෝඩ රැළක්.... තමන්ගේ සේවයේ වගකීම ගැන නොදන්න මොවුන්ව වහාම සේවයෙන් පහ කළ යුතුයි
අතිශය පෞද්ගලික කාරණාවලටත් වැඩ වරනවා. මේවා කාට කියන්නද ?
මෙහෙම අයත් එක්ක රටවල් හදන්න පුලුවන්ද? මෙම රථගාලේ ආරක්ෂාව තහවුරු කළ යුතුයි. ඒ වුණාට ඒකට දුම්රිය වර්ජනක් කරන්න ඕනද? අනේ මන්දා? මෙහෙම ගියොත් වැඩවර්ජනවලට තෙරුමක්වත් තියෙයිද කියලා.
මේ වගේ දේවල් වල්ටත් වැඩ වර්ජයන කරන උන් රාජ්‍ය සේවයෙන් එළවන්න ඕනී. කාලකන්නි හැත්ත. රට කන්නේ දේශපාලුවෝ විතරක් නෙවි, මුන් ඊට එහා...
ඔය නියාමක උන්නැහේ මාලිමාකාරයකු වීමට ඇති ඉඩකඩ ඉතා වැඩියි.
මේ මොන විකාරද? රාජකාරී කාලය තුළ අපේ කොතරම් දේ නැතිවෙලා තියනවාද? මෙහෙම රාජ්‍ය සේවය අඩපණ කර නාස්තිකරන රාජ්‍ය සේවකයින් අස්කර දාන්න නීති අවශ්‍යයි...
ගෙදර ගෑණි පැනලා ගියත් මොවුන් වර්ජනය කරන කාලේ වැඩි ඈතක නෑ...
ලංකාවේ තියෙන පජාතම අසික්කිතම දෙපාර්තමේන්තුව ගහලා පන්නන්න ඕනෑ මේ වගේ යක්කුන්ව...!
ස්ටේෂන් එකේ ඔෆිස් එකක් නැද්ද? ඒකෙන් තියන්න තිබ්බනේ. මේ තොත්ත බබාලගේ සූප්පුවක් බැරි වෙලා ආවත් වර්ජනේ. මිනිස්සු කී දෙනෙක් අමාරුවේද එක කඩාකප්පල්කාරියෙක් නිසා. වහාම මොහු ඇතුළු මේ කඩාකප්පල්කාරී වර්ජනයට සම්බන්ධ හැමෝම සේවයෙන් ඉවත් කරන්න ඕනෑ. මේවාට සමාව දීලා හුරතල් කරන්න ඕනෑ නෑ...
රාජ්‍ය කළමනාකරණය පොඩිම තැන ඉදලා සුද්ද කරන්න කාලය හරි... සංගම් කාරයන්ගේ පදේට නටන්න නම් රජයක් සහ නිලධාරින් ඕනැ නැ
හෙල්මට් පලඳින්නේ මොලේ ආරක්ෂාවට. මෙයා ට ආරක්ෂා කරන්න යමක් තියනවාදැයි සැකයි මේ ප්‍රතිචාරය පිලිබඳව සිතන විටදි. කවුද මෙහෙම ආබාධිතයින්ට වග කිවයුතු තනතුරු දීල තියෙන්නෙ.? මේ වගේම කෙනෙක් වෙන්න ඇති.
හෙල්මට් පලඳින්නෙ මොලේ ආරක්ෂාවට. මෙයාට ආරක්ෂා කරන්න යමක් තියනවා දැයි සැකයි. මේ ප්‍රතිචාරය පිළිබඳව සිතන විටදී. කවුද මෙහෙම ආබාධිතයින්ට වගකිවයුතු තනතුරු දීලා තියෙන්නේ.? මේ වගේම කෙනෙක් වෙන්න ඇති.
අළුත් ආණ්ඩුව ඉස්සෙල්ලාම අත ගහන්න ඕනේ දුම්රිය මාෆියාවට සහ විදුලිබල මණ්ඩල මාෆියාවට.
මෝඩ වැඩක්..!
මේ වගේ සත්තු ලෝකයේ කොහේවත් නැතිව ඇති...
ලංකාවේ ඇති අකාර්යක්ෂම දෙපාර්තමේන්තුවකි දුම්රිය දෙපාර්තමේන්තුව.
දේශපාලකයන්ට කඩේ ගිහින් ගත්ත ජොබ් එකක් වෙන්න ඇති..
අනුරට දෙන්ඩ හිටියෙ....දැන් නම් රනිල්ට දෙන්නේ.....මොකද අනුර ආවොත් මේ වගේ එවුන් කරන්ඩ දෙන්නෙ නැති බව ඉර හද වගේ විශ්වාසයි.. ..
පොදු දේවල් වලට මෙහෙම වර්ජනය කරන්න කවුරුත් නැද්ද ?
මේක නම් අමු ගොනෙක්.. මේක දේශපාලන පල හිලව්වක්