
(සමන් පාලිත නානායක්කාර)
ඉඹුල්පේ හල්පෙ ප්‍රදේශීය රජයේ ෆයිනස් වගාවක පැතිරයන ගින්නකින් මේ වනවිට අක්කර 50 කට අධික ප්‍රදේශයක් විනාශ වී ඇතැයි ප්‍රදේශවාසීහු පවසති.
ගින්න නිවිම සඳහා මේ වන විට කුරුවිට යුදහමුදා කදවුරේ යුද හමුදා භට පිරිසක් කැඳවා ඇති බව ආපදාකළමනාකරණ මධ්‍යස්ථානය කියයි.
ඉඹුල්පේ ප්‍රදේශයේ කොළඹ-බදුල්ල ප්‍රධාන මාර්ගයට ඉහලින් කන්දේ දැඩි බෑවුම් සහිත ප්‍රදේශයක මෙම ගින්න පැතිර යන බව ප්‍රදේශවාසීහු පවසති.
ඊයේ 22 සවස සිට පැතිර යන මෙම ගින්න මේ වන විටත් පවතින බව ප්‍රදේශවාසීහු පවසති.
මෙම ගින්න තවදුරටත් පැතිර ගියහොත් ඉඹුල්පේ කහගල රජයේ රක්ෂිතයට පැතිර යාමේ අවදානමක් පවතින බැවින් මෙලෙස යුද හමුදා භට පිරිසක් ගින්න නිවීම සඳහා කැඳවා ඇති බව ආපදාකළමනාකරණ මධ්‍යස්ථානය කියයි.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd