
(ටී.කේ.ජී.කපිල)
මධ්‍යම අප්‍රිකානු ජනරජයේ සාම සාධක රාජකාරී වල නිරත වී සිටින ශ්‍රී ලංකා ගුවන් හමුදාව සදහා, ඔවුන් සතු "එම්.අයි. - 17 " වර්ගයේ හෙලිකොප්ටර් යානයක් රැගෙන යාම සදහා , ලොව විශාලතම භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් වන " ඇන්ටනෝව් - 124 " ( Antonov - 124) ගුවන් යානයක් කටුනායක ගුවන් හමුදා කදවුර වෙත අද (28) දින පස්වරු 02.45ට පැමිණියේය.
ශ්‍රී ලංකා ගුවන් හමුදාව 2014 වසරේ සිට මධ්‍යම අප්‍රිකානු ජනරජයේ සාම සාධක රාජකාරී වල නිරත වී සිටින අතර , වර්තමානයේ එහි එම්.අයි.- 17 වර්ගයේ හෙලිකොප්ටර් යානා 03 ක් ද එහි සේවා සදහා යොදවා තිබේ .
මෙයින් එක් හෙලිකොප්ටර් යානයක අත්‍යාවශ්‍ය ප්‍රධාන නඩත්තු කටයුත්තක් (Major Overhaul) සිදු කිරීමට ඇති නිසා , එම යානය එරටින් ඉවත් කර ශ්‍රී ලංකාවට රැගෙන ඒමට ප්‍රථම , මෙම එම්.අයි.- 17 හෙලිකොප්ටර් යානය එරට ශ්‍රී ලංකා හෙලිකොප්ටර් බල ඝනය වෙත එකතු කිරීම සදහා මෙසේ රැගෙන යාම සිදු කිරීමට පියවර ගෙන තිබේ .
මධ්‍යම අප්‍රිකානු ජනරජයේ මෙම ශ්‍රී ලංකා ගුවන් හමුදා හෙලිකොප්ටර් යානා මගින් එරට හමුදා භට පිරිස් ප්‍රවාහනය , අභ්‍යන්තර ගුවන් ගමන් ක්‍රියාත්මක කිරීම, හදිසි වෛද්‍ය ප්‍රතිකාර කටයුතු සදහා සහ ආහාරපාන සහ භාණ්ඩ ප්‍රවාහනය සදහා යොදා ගනිමින් තිබේ .
ඉකුත් 2014 වසරේ සිට මේ දක්වා මධ්‍යම අප්‍රිකානු ජනරජයේ සාම සාධක රාජකාරී කටයුතු වලින් ශ්‍රී ලංකාව ඇමෙරිකානු ඩොලර් මිලියන 125 ක මුදලක් උපයා ගෙන තිබේ .
මෙම රුසියාවට අයත් ඇන්ටනෝව් - 124 ගුවන් යානය තුළ බංග්ලාදේශයට අයත් එම්.අයි.- 17 හෙලිකොප්ටර් යානයක් ද පටවා තිබූ අතර , එම යානය ද මෙම ගුවන් යානයෙන් මධ්‍යම අප්‍රිකානු ජනරජය වෙත රැගෙන යාමට නියමිතය .
මෙම ගුවන් යානයට මෙවැනි හෙලිකොප්ටර් යානා 03 ක් එකවර ගෙන යා හැකියාව පවතී .
මෙම ඇන්ටනෝව් - 124 ගුවන් යානය මෙම හෙලිකොප්ටර් යානා ද රැගෙන කටුනායක ගුවන් හමුදා කදවුරේ සිට මධ්‍යම අප්‍රිකානු ජනරජය බලා හෙට (29) දින අලුයම 05.30 ට පිටත්ව යාමට නියමිතය .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ හම්බ කරපු මිලියන 125න් වෙන්න ඇති අර පෝසටර් ගහන්නයි රතිඤ්ඤා පත්තු කරන්නයි. මේ හෙලිකොප්ටර් ටිකටත් යවලා වැඩියෙන් කට්ටිය යැව්වොත් වැඩි වැඩියෙන් හම්බ වෙනවා