
(ගයාන් සූරිය ආරච්චි සහ බිමල් ශ්‍යාමන්)
පෞද්ගලික බැංකුවක් අසලදී ජාතික ලොතරැයි මණ්ඩලයේ ක්‍රියාකාරී අධ්‍යක්ෂකවරයෙක් වශයෙන් කටයුතු කළ තුසිත හල්ඔළුව මහතා සහ ඔහුගේ නීතිඥවරයා ගමන් ගත් මෝටර් රථය හරස්කර මෝටර් රථයට වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාශය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ නාල්ල සහ ගනේගොඩ ප්‍රදේශවල පදිංචි අවුරුදු 24 සහ 37 වයස්වල පසුවන පුද්ගලයන් දෙදෙනෙකි.
සැකකරුවන් සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව් ද පොලිසිය සොයාගෙන ඇත.
වෙඩි තැබීම සඳහා භාවිතා කළ ටී පනස් හය වර්ගයේ ගිනි අවිය ප්‍රවාහනය කිරීම සහ ප්‍රධාන සැකකරුට පලායාමට ආධාර අනුබල දීම යටතේ සැකකරුවන් අත්අඩංගුවට ගෙනඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ඔක්කොම හොරු, ඔක්කොම යාලුවෝ, රුපියල් කෝටි ගණනක් ගේම් ගහලා හම්බ කරපු හොරට නඩු දමලා තිබෙන්නේ ලක්ෂ 4-5 වටිනා පරිගණක කිහිපයක් හොරකම් කළා කියලා, අපිත් මේවා බලබලා ඉන්නවා ... කොටි 1000ක් විතර හොරකම් කරලා සතියක් දෙකක් රිමාන්ඩ් වෙලා හිටියාම මොකද? හිරේදී මොවුන්ට රජ සැප...