
(සුජිත් හේවාජුලිගේ)
වෙළඳපොළේ සහල් පොල් එළවළු මාළු සහ මස් ඇතුළු අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩවල මිල ගණන් ඉතා විශාල වශයෙන් ඉහළ යෑම හේතුවෙන් රට පුරා ජනතාව මේ දිනවල දැඩි දුෂ්කරතාවයට පත්ව සිටිති.
විදුලි බිල වැඩි කිරීමට රජය තීරණය කිරීමත් සමඟ අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩවල මිල ගණන්ද හිතු හිතු පරිදි මෙසේ වැඩි කෙරුණු බව පාරිභෝගික සංගම් පෙන්වා දෙයි.
විදුලිබිල වැඩි කිරීමත් සමඟ සබන් සබන් කුඩු දත් බෙහෙත් සහ ෂැම්පු වර්ග යනාදී භාණ්ඩ වල මිල ගණන්ද විශාල වශයෙන් ඉහළ ගොස් ඇත.
ව්‍යාපාරිකයන් සහ නිෂ්පාදකයන් සිය පාරිභෝගික භාණ්ඩ හිතූ හිතු මිල ගණන්වලට අලෙවි කිරීම හේතුවෙන් පාරිභෝගිකයන් දැඩි දුෂ්කරතාවයට පත්ව සිටින හෙයින් රජය වහා මැදිහත්වී මිල නියාමනයක් ඇති කළ යුතු බව පාරිභෝගික සංගම් පවසයි.
එසේම වැඩි මිලට භාණ්ඩ අලෙවි කරන වෙළෙඳුන් නීතිය රැහැනට කොටු කර ගැනීම සඳහා වැටලීම් වැඩි කරන්නැයිද පාරිභෝගිකයෝ රජයෙන් ඉල්ලීමක් කරති.
මේ අතර බොහෝ ටියුෂන් පන්තිවල ගාස්තුද ඉතා විශාල වශයෙන් ඉහළ දැමීම හේතුවෙන් මවුපියන් දැඩි දුෂ්කරතාවයට පත්ව සිටින බව වාර්තාවේ.
බොහෝ පන්තිවල ගාස්තු රුපියල් 3000 සිට 6000, 7000 දක්වා වැඩිකර ඇති හෙයින් මේ සම්බන්ධයෙන්ද රජය මැදිහත් වී කිසියම් මිල නියාමනයක් ඇති කරන්නැයි මවුපියෝ ජනාධිපතිවරයාගෙන් සහ අධ්‍යාපන අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කරති.
ගෘහ ඒකකයක ජීවන වියදම අධික ලෙස වැඩිවීමට අධික ටියුෂන් ගාස්තු සහ පාසල් වෑන් රථ ගාස්තු ප්‍රධාන වශයෙන් හේතු වී ඇති බව ආර්ථික විශේෂඥයෝ සඳහන් කරති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගිය ආණ්ඩු කාලේ මේවා ගැන කතා කරපු මාලිමාවුන් ස්වර්ගස්ථ වෙලාද? කිසි සද්දයක් නැහැ. පව් දුප්පත් හාදයෝ, බලන්න පොඩ්ඩක් කන්න නැතිව හාමතේ වැටිලා ද දන්නෙත් නැහැ.
ඔය ටියුෂන් ගුරලාව නම් මොකක් හරි නීතියක් යටතට ගේන්න ඕනේ..., අසරණ දෙමවුපියන්ගේ සල්ලි හූරාගෙන කාලා අන්තිම සමාජ මාධ්‍යවල පම්පෝරි ගහනවා... ගත්තු ලොකු ලොකු වාහන වල පින්තූර දම දමා...
බයවෙන්න එපා... වැඩේ යටින් ගානට යනවා.
ඕවා AKD, මාලිමා රජය අපහසුතාවයට පත් කිරීම සඳහා පරාජිත විපක්ෂය නගන පදනම් විරහිත චෝදනා පමණි. ඕවාට රැවටෙන්න එපා. ඡන්ද වලට ඉස්සර මාලිමාව කිව්වේ..."ලස්සන රටක්, පොහොසත් දේශයක්" කියපු එක රජය බලයට පත්වී වසරක් ගත වීමටත් පෙර ඔවුන් කරලා පෙන්වනවා... පොහොසත් දේශයක ජනතාවට, ඉහළ යන එළවළු, හාල්, පොල්, ලුණු පොල් කට්ටේ මිල මහ ලොකු කජ්ජක්ද? ඒවාට ගෙවන්න අතේ මිටේ කාසි නැතුවද?
වෙළදුන්, ටියුෂන් කඩ කාරයෝ කොහොමටත් ගසාකන එවුන්...
ජෙප්පන්ට කන්න ඕනෙ නැතිලු...
අවුරුදු 76ක් වුණු දේවල් තවම වෙනවා.. මම හිතුවේ හැමදේම වෙනස් කරයි කියලා. තව අවුරුදු 4ක් ඉවසලා බලන්න. හොඳට කළොත් නැවත ඡන්දය දෙනවා.
ඉන්ධන සහනාධාර දෙනවා කීවාට සාලයෝ කිලෝව 1,000ට ළඟයි.
සෑම ගොවිජන සේවා මධ්‍යස්ථානයකම පොල් සංවර්ධන නිලධාරියෙක් හිටියා අවම වශයෙන් උසස්තත්වයේ පොල් පැල ජනතාවට නිකුත් කරන්න අවම වශයෙන් ගොවිජන සේවා මධ්‍යස්ථානයට අනුයුක්ත පොල් තවානක්වත් පවත්වාගෙන යන්න කටයුතු කරලා නැහැ. පිටරටින් ගෙනඑන එක සීමා කරලා, පිටරටින් ගෙනාවත් සහල් කිලෝ එකකට 50% බද්දක් ගහනවා... ධීවර සංස්ථාව ගැන කතා කරලා වැඩක් නැහැ... එළවලු, පලතුරු වාරයට මිල හොඳටම පහළට බැහැලා කුණුවෙලා විසි කරනවා. ශීතාගාර පහසුකම් නැහැ. හැම අංශයකම විවිධාකාර මාෆියා... වගකිවයුතු නිලධාරීන් පවා මෙම මාෆියා වලට සම්බන්ධ බව පෙනෙනවා, මෙහෙම වුණාම බදු මිල ඉහළ යන එක පුදුමයක් නොවේ.
ගාල්ලේ ඡන්දය ඉල්ලුව කෙනෙකුගේ ව්‍යාපාර ස්ථානයක හාල් 186ට තියෙනවා.