(යොහාන් භාසුර)

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව පසුගියදා එළඹි ඩොලර් බිලියනයක ණය යෝජනා ක්‍රමය යටතේ ආනයනය කරන පළමු සහල් තොගය ලබන සතියේ ශ්‍රී ලංකාවට ළඟා වන බව වෙළෙඳ අමාත්‍යංශය කියයි.

නාඩු, සම්බා සහ කැකුළු යන සහල් වර්ග ඇතුළත් සහල් මෙට්‍රික්ටොන් 40,000 ලැබුණු වහාම පාරිභෝගික ජනතාවට සහනදායී මිලට ලබාදීමට කටයුතු කරන බවත් සිංහල හා දමිළ අලුත් අවුරුදු උත්සව සමය ඉලක්කකරගත් මෙම සහල් බෙදා හැරීම තුළින් පාරිභෝගිකයාට සහන සැලසීම අරමුණ බවත් වෙළෙඳ අමාත්‍යංශය සඳහන් කරයි.

උත්සව සමය තුළ කෘත්‍රිම සහල් හිඟයක් මවාපාමින් ජාවාරම්කරුවන් සහල් මිල ඉහළ නැංවීමට ගෙන ඇති පියවරයන් අඩාල කිරීමට මෙම ක්‍රමවේදය තුළින් හැකියාව ලැබෙනු ඇතැයි වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව හරහා මෙම සහල් තොගය ආනයනය කරයි.