(විනීතා එම් ගමගේ)
පෙරහැරේ යන අලි ගැන පන්සල් බලා ගන්නා බැවින් අලි මිනිස් ගැටුම්වලට මැදිව දුක්ඛදායී ලෙස මියයන වන අලි ඇතුන් ගැන බලාගන්නැයි හීලෑ අලි ඇතුන් කිහිප දෙනා පස්සේ දුවන රාජ්‍ය නොවන සංවිධානවලින් ඉල්ලා සිටින බව කොළඹ හුණුපිටිය ගංගාරාමාධිකාරී ආචාර්ය කිරින්දේ අස්සජි හිමියෝ පැවැසූහ.
දළ ලබා ගැනීමට, කෙඳි ලබාගැනීමට මරා දමන අලි ඇතුන් මෙන්ම අලිමිනිස් ගැටුමට මැදිව මියයන අලි ඇතුන් ද හක්ක පටස් වැනි උගුල්වට අසුව දුක්ඛදායි ලෙස මියයන අලි ඇතුන් ද ගැන සොයා බලා අලි මිනිස් ගැටුම අවසන් කරන්නට යම් පියවරක් ගන්නැයි ද රාජ්‍ය නොවන සංවිධානවලින් ඉල්ලා සිටින බව උන්වහන්සේ පැවැසූහ.
ආහාර සොයා ගම්වදින අලි ඇතුන් නිසා ජනතාවත් අලි ඇතුනුත් මියයන අවස්ථා ඇතැයි ද ඒ නිසා ඔවුන් වෙනුවෙන් වනාන්තර තුළ ආහාර සුලබ කිරීම සඳහා යම් පියවරක් ගන්නැයි ද උන්වහන්සේ රාජ්‍ය නොවන සංවිධානවලින් ඉල්ලා සිටියහ.
විශේෂයෙන් අලි ඇතුන් ආහාරයට ගන්නා ඉරිගු වැනි ශාඛවල බීජ උක්දඬු කැබලි වැනි දෑ වැසි සමයන්හි දී වනාන්තර වලට ගුවනින් ගෙන ගොස් දමන්නැයි ද වනාන්තරවල ඇති වැව් අමුණු සකසන්නැයි ද එයින් අලි ඇතුන්ට ආහාර හා ජලය සුලබ වන නිසා ගම්වැදීමෙන් වළකිනු ඇතැයි ද අස්සජි හිමියෝ කීහ.
පසුගිය සමයේ හිමිකරුවන් විසින් ආදරයෙන් හා කරුණාවෙන් බලාගත් හීලෑ අලි ඇතුන් රජය භාරයට ගැනීම ගැන මහා සංඝරත්නයට හිත් රිදීමක් හා කතිකාවක් තිබුණේ යැයි ද අලි පැටවුන් පහලොස් දෙනා නිදහස් කර පෙර භාරකරුවන්ට භාර දීම පිළිබඳව රජයට ස්තුතිවන්ත වන්නේ යැයි ද උන්වහන්සේ පැවැසූහ.
ගංගාරාමාධිකාරි අස්සජි හිමියෝ මේ අදහස් පළ කළේ ගංගාරාම විහාරස්ථානයේ පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.
එහි දී තවදුරටත් අදහස් දැක්වූ උන්වහන්සේ අලියෙකු බලා ගැනීම සඳහා මසකට රුපියල් ලක්ෂ තුනක් වැය වන අතර පසුගිය සමයේ රජය භාරයට ගත් අලි පැටවුන් 40 දෙනා බලා ගැනීම සඳහා රජය මසකට රුපියල් ලක්ෂ 120 ක් පමණ මාසිකව වැය කර ඇතැයි ද කියා සිටියහ.
ගෘහස්ත අලි ඇතුන් ඇත්තේ 104 දෙනෙකු පමණකැයි ද, ඔවුන් වෙනුවෙන් නිකුත් කර ඇති ගැසට් පත්‍රය ඉතා අනගි එකක් බව ද කී අස්සජි හිමියෝ ගෘහස්තව අලියෙකු හැදීමේ දී ගොව්වා හැසිරිය යුතු පිළිවෙල පවා දක්වා ඇති එම ගැසට් පත්‍රය හේතුවෙන් ගෘහස්ත අලි ඇතුන්ගේ රැකවරණය ස්ථිරසාර ලෙස සැළසෙන්නේ යැයි ද කියා සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තරහ ගිහින් වගෙයි
බුදුහාමුදුරුවෝද කිව්වේ පන්සලේ අලි හදන්න කියලා. ඔය අලියත් කැලේට දාලා වියදම් වන ලකෂ තුන, හතර වියදම් කරලා අර කියපුවා කරන්න. සත්ව සංවිධාන සල්ලි උපයන තැන් නෙවෙයි. පන්සල්වල වගේ. අහිංසාව පදනම් කරගත් ආගමක් දෙසන උන්නාන්සේල කියන කතාද මේ..? මේවත් අහගෙන ඉන්න වුණා. මව මරලා කැලෙන් පන්නපු අලි පැටව් රකින්නන්ට සාපවේවා...!
අලි ඇතුන් දවසකට සැතපුම් 50ක් පමණ ඇවිදින සත්ව කොට්ඨාශයකි. මේ නිසා එවැනි සතෙකු මුළු ජීවිතයම යකඩ දම්වැල් වලින් බැඳ තබා ගැනීම ඉතාම වැරදි වැඩකි. සතුන් ළඟ තබාගන්නා අයට ඒ සතුන්ට නිදැල්ලේ ඇවිදීම සඳහා අවශ්‍ය ඉඩ පහසුකම් තිබිය යුතුයි. දම්වැල් යොදා ගන්නා විට කකුල් සඳහා රෙදි හෝ එවැනි සුමට දෙයකින් සාදාගත් වළලු භාවිතා කළ යුතුයි. එවැනි පහසුකම් සැපයීමට නොහැකි කිසිවෙකුට මේ සතුන් ළඟ තබාගැනීමට නොදිය යුතුයි...
දම්වැල් දාලද ? ලිහලද ? කාට කියන්නද මෙව්වා...
ඩොලර් මත යැපෙන පරිසර සංවිධානවල කෙරුමන්ට හොඳ කනේ පහරක්
බෙල්ලන්විල පන්සලේ අලියෙක් අපා දුක් විඳිනවා .ගිහින් බැලුවනම් තමා හොඳ
පුලුවන් නම් හොදයි ඉතින්
අලි මිනිස් ගැටූමට නියම පිළිතුර තමයි, ලංකාවෙ ඉන්න ඔක්කොම අලි උන්ව නඩත්තු කළ හැකි මිනිසුන්ට බාර දෙන්න. එවිට ඇත්ගොව් රැකියාවටත් විශාල ප්‍රමාණයක් යෙදවිය හැකියි. ඇත්ගොව්වා "අලි පාලන නිලධාරී" යනුවෙන් සංශෝධනය කරන්න.
ස්වාමීන්වහන්සේලානම් කියයි පන්සල් වල වැඩසිට .එඬේර මහත්වරුන් දහදුක් විඳිනවා .ඇතුන්ට සැපක් නෑ .පෙරහැරේ කිපෙන්නේ බෙර සද්දයි ගිනි කෙළියි ,අධික විදුලි ධාරා .ඕවා මේවා අඩු විය යුතුයි .
සසරෙන් එතෙර වෙන්න යන්නෙ අලිය පිටේ.
ලැජ්ජයි!
අලින්ට පාඩුවේ ඉන්න දීල මිනිසුන් වෙනුවෙන් යමක් කරන්න හාමුදුරුවනේ.
පැවිද්දෝ අලි බලාගන්නවා... ගිහි අපි සසරින් එතෙරවන්න බවුන් වඩනවා. වයර් මාරුවෙලා නේද?
අබුද්දස්ස කාලේ හාමුදුරුවරු බිස්නස් මාර්ගයේ යනවා... ගිහියෝ නිවන් මගේ යනවා.