


“අපේ අගමැති ඉවත් කර මහින්ද රාජපක්ෂ මහතා අගමැති කිරීමෙන් එක්සත් ජාතික පක්ෂය ශක්තිමත් වුණා. ජනපති ගත් පියවර නිසා එතුමාගේ ඡායාරූපයට මල් පහන් පිදිය යුතුයි” යි කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර ජලජ සංවර්ධන අමාත්‍ය පී. හැරිසන් මහතා පැවසීය.
අමාත්‍ය ධුරයේ වැඩ බාර ගනිමින් ඔහු අද (21) එසේ පැවැසීය.
සමහරුන් ජනපතිට දොස් පැවරුවත් තමා කිසිදිනක එවැන්නක් නොකළ බව කී අමාත්‍යවරයා පසුගිය කාලය තුළ රජයක් ලෙස විවිධ අඩුපාඩු තිබූ බවද කීය.
(අංජුල මහික වීරරත්න)
(ඡායාරූප - ඉෂාන් සංජිව)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පළවෙනි ඡායාරූපයේ කණ්ණඩි දාගෙන ඉන්නේ කවුද?
කව්ද මේ නූල් බඳින්නේ..? හැරිසන් ඇමතිතුමාගේ ආරක්ෂකයෙක් සිවුරක් දාගෙන රාජකාරි කරනවා වගෙයි...! හාමුදුරු කෙනෙක් නම් වෙන්න බෑ...!