(යොහාන් භාසුර)
ශ්‍රී ලංකාව මුහුණ දී ඇති ඩොලර් හිඟය හේතුවෙන් කොළඹ වරාය තුළ සිරවී තිබෙන අත්‍යවශ්‍ය ආහාර අඩංගු කන්ටේනර් 800 කට අධික ප්‍රමාණය නිදහස් කරගැනීම සඳහා ඩොලර් මිලියන 15 ක් හෙවත් රුපියල් ලක්‍ෂ 35,000 කට අධික මුදල් අවශ්‍ය බව ආහාර ආනයනකරුවන්ගේ සංගමයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
කන්ටේනර් නිදහස් කිරීමට නොහැකිව සිටින සමස්ත ආනයනකරුවන්ට අවශ්‍ය ඩොලර් ප්‍රමාණය ඇතුළත් ලැයිස්තුවක් සකස් කර වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාට බාරදී ඇති අතර ඉදිරි දින කීපයේදී හොඳ ප්‍රතිචාරයක් ලැබෙනු ඇතැයි ආහාර ආනයනකරුවෝ බලාපොරොත්තුවෙන් සිටිති.
ආහාර ආනයනකරුවන්ගේ සංගමය ලෙස තමන් ද බැංකු සමඟ සාකච්ඡා කරමින් සිටින බවත් තනි තනි ආනයනකරුවන් ද පෞද්ගලික මට්ටින් බැංකු සමඟ සාකච්ඡා කරමින් සිටින බව ද ආහාර ආනයනකරුවන්ගේ සංගමයේ ප්‍රකාශකයෙක් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහෙනම් ඩොලර් මිලියන 15ක් හොයා ගන්න බැරි තරමට රට බංකොලොත් උනා. රුපියලේ අගය ගැන ඒ කාලේ කෑ ගහපු බන්දුල මොකද නිහඬ?
ඔය බන්දුල කියපු විදියට පහුගිය රජය රුපියල අල්ලන්න බැරි තරමට පාවෙන්න දාලා, බාල්දු වෙලා, මස්තබාල්දු කරලනේ තිබුනේ.. දැන් අපට පේන්නේ මුන්දැලාත් මුරුගසන් වැස්සට තෙමිලා වගේ.. මොනවද රුපියලේ අගයට කරලා තියෙන්නේ... අපිට ඔය රුපියලෙන් වැඩක් නෑ.. ස'ර් ට කියලා ඩොලර් කොළ අච්චු ගහන්න මහ බැංකු කබ්‍රාල්ට කියමු.
දැන් සැපද කියලා තමයි අහන්න තියෙන්නේ..