(නිමාලි කහවල)
වාහන නඩත්තු කටයුතු සිදුකිරීමේදී පළඳින ‘ගරාජ් කිට්’ ඇඳුමක් හැඳ පොලිස් මාර්ග බාධක වල නිලධාරීන්ගෙන් සූක්ෂමව ගැළවී, මහාපරිමාණයෙන් මත්කුඩු ජාවාරමක නිරතවූ ගරාජ සේවකයෙකු අත්අඩංගුවට ගත් බව පයාගල පොලිසිය පවසයි.
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ දොඩංගොඩ, බොරළුකැටිය පදිංචි 40 හැවිරිදි දෙදරු පියෙකි.
පයාගල, පොතුවිල ප්‍රදේශයේ යතුරුපැදියෙන් මත්කුඩු විකුණමින් සිටියදී අත්අඩංගුවට පත්වූ සැකකරු සමඟ හෙරොයින් මත්කුඩු පැකට් 450ක්ද, ජංගම දුරකතන දෙකක්ද, මත්කුඩු ප්‍රවාහනයට යොදාගත් යතුරුපැදියද පොලිසිය විසින් සිය භාරයට ගෙන තිබේ.
මොහු බොරළුකැටිය ප්‍රදේශයේ සිට දෙහිවල දක්වා යතුරුපැදියෙන් ගොස් මත්කුඩු මිළට ගෙන ඇති බවත්, එලෙස යාමේදී මජං සහ ග්‍රීස් තැවරුණු නඩත්තු කටයුතු වලට අඳින ඇඳුම් කට්ටලය භාවිතා කර ඇති බවත්, අසළ නිවසක කැඩුණු වාහනයක් සෑදීමට යන බව පවසමින් මාර්ග බාධක වල රාජකාරියේ නියුතු නිලධාරීන් මුලාකර ඇති බවත් පරීක්ෂණ වලදී හෙළිව ඇත.
මොහු තදින්ම මත්කුඩු භාවිතයට ඇබ්බැහි වී ඇති බවත්, දිනකට රුපියල් 20,000ක් පමණ වැයකර මත්කුඩු පාවිච්චි කර ඇති බවත් පොලිසිය පවසයි.
2025 නොවැම්බර් මස 04
617
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2306
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1716
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
හෙරොයින් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට