(යොහාන් භාසුර)
හොරපේ දුම්රිය ස්ථානය ආසන්නයේ සිදුවූ අනතුරෙන් ජීවිතක්ෂයට පත් ගම්පහ මොරගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි දිනිත් ඉඳුවර පෙරේරා සිසුවා වෙනුවෙන් ඔහුගේ පවුලට රුපියල් ලක්ෂ 5ක මුදලක් පිරිනැමීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර ඇති බව ප්‍රවාහන අමාත්‍යංශය පවසයි.
මෙවැනි අනතුරක් සම්බන්ධව වන්දි ගෙවීම සඳහා නීතිමය පසුබිමක් නොමැති වුවද ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ඉල්ලීමට අනුව, ජනාධිපති ලේකම්වරයා සහ අමාත්‍යාංශ ලේකම්වරයාගේ දැනුවත් කිරීම පරිදි කැබිනට් අනුමැතියට යටත්ව කරුණාසහගත ගෙවීමක් ලෙස මෙම මුදල එම තරුණයාගේ පවුලට පිරිනමන බව ද එම අමාත්‍යංශය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේම සල්ලි අයගේ වගේ අපිටම දෙනවා. නොදකිං මෙහෙමත් ඇමතියෝ... ඒ ළමයාගේ පවුලට මාස 200ක් යනකන් චූන් එකේ කාලා බීලා හිටියැහැකි...
නුඹලා කරපු පාපකර්මය ලක්ෂ පහකින් අහෝසි කරගන්න පුළුවන් කියලා හිතුවද?