(රංජන් කටුගම්පොළ සහ විමුක්ති එස් රුද්‍රිගු)

පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් පුනාන්දු මහතාට එරෙහිව සිදුකරන විමර්ශන අවසන් කරන ලෙස පොලිස් වි⁣ශේෂ විමර්ශන ඒකකයට දැනුම් දි ඇතැයි නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය.

නීතිපති වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පිරිස් මහතා මෙම දැනුම් දිම සිදු කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් පුනාන්දු මහතා ගොනුකර තිබූ මුලික අයිතිවාසිකම් පෙත්සම කැඳවූ අවස්ථාවේදීය

මෙම පෙත්සම බුවනෙක අලුවිහාරේ, ජනක් ද සිල්වා සහ ප්‍රීති පද්මන් සුරසේන යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සළකා බැලින.

තමන් පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට  ගැනිම වළකාලන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස පෙත්සම්කරු සිය පෙත්සම මෙන් ඉල්ලා ඇත.