(යොහාන් භාසුර)
විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි නොවී, නීත්‍යානුකූල නොවන මාර්ග ඔස්සේ විදේශ රැකියාවට යොමුවන කාන්තාවන් අප්‍රේල් 1 වැනිදා සිට තානාපති කාර්යාල සුරක්ෂා නිවාසවලට භාරනොගන්නා බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කර්යංශය පවසයි.
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී රැකියා සඳහා විදේශ ගතවන කාන්තාවන් වෙනුවෙන් විදේශීය තානාපති කාර්යාලවල කම්කරු සුබසාධන අංශ යටතේ සුරක්ෂා නිවාස ස්ථාපිත කර ඇති බවත් එමගින් විදේශ රැකියාවල නියුතුව සිටියදී අවශ්‍ය විවිධ සේවාවන් ලබාගැනීම සඳහා තානාපති කාර්යාල වෙත පැමිණෙන කාන්තාවන්ට අවශ්‍ය සුබසාධන පහසුකම් හා නේවාසික පහසුකම් සළසන බවත් එම කාර්යංශය කියයි.
මෙම සුරක්ෂා නිවාස ස්ථාපිත කර ඇත්තේ නීත්‍යානුකූල රැකියා සඳහා විදේශ ගතවන කාන්තාවන් වෙනුවෙන් පමණක් වන නමුත් මේ දක්වාම කාර්යාංශයේ ලියාපදිංචි නොවී විදේශගතවු කාන්තාවන් වෙත ද සුරක්ෂා නිවාසවලින් අවශ්‍ය සියළු සුබසාධන පහසුකම් සැපයීමට කටයුතු කළ බව කී විදේශ සේවා නියුක්ති කාර්යාංශය කාර්යාංශයේ ලියාපදිංචි නොවී විදේශ ගතවන කාන්තාවන් සුරක්ෂා නිවාසයට පැමිණෙන අවස්ථාවලදී ඔවුන් විවිධ ගැටුම්කාරී තත්ත්වයන් ඇති කර ගන්නා අතර එම ගැටුම් පාලනය කිරීමට පොලිසියේ සහාය ලබාගැනීමට සිදුවූ අවස්ථා ද පසුගිය දිනවල ජනමාධ්‍ය මගින් ප්‍රචාරණය වූ බවත් කාර්යංශය සඳහන් කළේය.
විශේෂයෙන්ම නීත්‍යානුකූල මාර්ගයන්ගෙන් කාන්තාවන් රැකියා සඳහා විදේශ ගතවීමට උනන්දු කිරීමත්, විවිධ තැරැව්කරුවන් හා නීත්‍යානුකූල නොවන විදේශ රැකියා ආයතනවල මැදිහත්වීමෙන් විදේශ රැකියා සඳහා කාන්තාවන් යොමුවීම පාලන කිරීමටත් මෙම තීරණයට එළැඹී බව එම කාර්යංශය වැඩි දුරටත් පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියමයි. එහෙම තමයි අපි වැඩ කරන්නේ. නොදන්නා රටක කරදයක වැටිලා උදව්වක් ඉල්ලගෙන ආවහම නිලදාරී වාදේ ගොනා ලවා ඇන්නවිම මොනතරම් අගේ කල යුතුද?
සල්ලි ගන්නවා විතරයි. ඒවාට වෙන්නේ මොනවාද කියලා කවුරුත් දන්නේ නැහැ. තවම පිටරට සේවය කරන අයගේ දරුවන් වෙනුවෙන් දෙන ශිෂ්‍යත්ව අරමුදල (5 ශිෂ්‍යත්වය, සා/පෙල, උ/පෙළ සඳහා) අවුරුදු ගණනකින් (2020 සිට) දුන්නේ නැහැ. ඒ ගැන කතාකරන්න කවුරුත් නැහැ.
රටින් පිට කරදරයකදී පැටිකිරිය හොයන්නේ ඇයි?
එතකොට නිලධාරීන්ට වැඩත් නැති එකේ දේශපාලන ඥාතීන් සහෘදයින් තානාපති කාර්යාලවලට පත්වීමත් නතර කරන්න. ඒ වගේම මදාවිකමට, හොර ඒජන්සි දාගෙන කාන්තාවන් රවටන වංචනිකයින්ට වසර 15ක 20කවත් සිර දඬුවම් නියම කරන්න.
නමුත් තානාපති කාර්යාලයට පුරවැසියන් සම්බන්ධයෙන් තිබෙන වගවීමෙන් බැහැර වෙන්න බැහැ. මේක ලෝකයේම පිළිගත් දෙයක්...
මෙය කිසිසේත් කළ නොහැකි සහ නොකළයුතු දෙයකි. මොනවගේ අය මේ වගේ තීරණ ගන්නවාද දන්නේ නැහැ. රට ගියාට පස්සේ රටවැසියන් අමාරුවක වැටුණාම වර්ගකරලා සලකන්නේ කොහොමද? මොලේ කොහෙද දන්නෙ නෑ තියෙන්නේ?. හිටපු සභාපති කෙනෙක් විදියට කාරුණිකව ඉල්ලා සිටිනවා මේ යෝජනාව අකුලාගන්න කියලා. නැතත් අකුලගන්න වෙනවා෴
විදේස සේවා එක විදේශ ශ්‍රමිකයාට කරදරයක් , හිරි හැරයක් සහ බරක්, ඔකෙන් සිදුවෙන සේවය ඉතා අල්පයි, සුරක්ශා නිවාස වලින් ලැබෙන සුරක්ශාව ගැන පහුගිය දිනවල ලැබුන තොර හොද නැහැ.