
( රොමේෂ් මධූෂංක)
ඉන්දියාවේ සිට මුහුදු මර්ගයෙන් තලෙයිමන්නාරමට නීතිවිරෝධීව රහසින් රැගෙන එන ලද විවිධ වර්ගයේ පක්ෂීන්, සතුන් සහ විවිධ වර්ගයේ ඖෂධ තොගයක් සමගින් සැකකරුවන් තිදෙනෙකු ඊයේ (05) දින අත්අඩංගුවට ගත් බවට මන්නාරම් පොලීසිය පැවසීය.
උතුරු මැද නාවික විධානයට ලැබුනු තොරතුරකට අනුව නවික හමුදා නිලධාරීන් සහ මන්නාරම කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් පිරිසක් ඒකබද්දව සිදුකරන ලද සෝදිසි මෙහෙයුමකදී අදාල සැකකරුවන් විසින් සැකකටයුතු කුඩ ලොරි රථයක් ධාවනය කරමින් සිටියදී එය නවතා සිදුකරන ලද සෝදිසියකදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුවිය.
එහිදී ලොරි රථය සෝදිසි කිරීමේදී එහි තිබූ කූඩු කිහිපයක ඉන්දියාවට අවේනික පරවියන් 220 ක්, අප්‍රිකානු ලව් බර්ඩ්ස් නමින් හැඳීන්වෙන කුරුල්ලන් 20 ක් , විශේෂිත වර්ගයක් ලේනුන් 08, ඖෂධ පෙති වර්ග සහ ඖෂධ ද්‍රව ඇතුලත් බෝතල් තොගයක්ද සමගින් ලොර රථය සහ එහි සිටි සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගන්නා ලදි.
අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් සිදුකරන ලද ප්‍රශ්න කිරීම්වලදී හෙලි වී ඇත්තේ ඉන්දියාවේ සිට මුහුදු මර්ගයෙන් අදාල පක්ෂීන්, සතුන් සහ බෙහෙත් වර්ග තලෙයිමන්නාරමට රැගෙන ඒමෙන් පසුව දිවයිනේ විවිධ ප්‍රදේශවලට රැගෙන ගොස් අධික මිළ ගණණ්වලට විකිණීමට සැලසුම් කොට තිබූ බවටය. අත්අඩංගුවට ගත් සැකකරුවන් කොළඹ සහ දඹූල්ල ප්‍රදේශයන්හි පදිංචි අවුරුදු 25 ත් 40 ත් යන වයස්වල පසුවන්නෝ වෙති.



2025 නොවැම්බර් මස 17
21
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
867
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2498
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
හොරෙන් ගෙනා පක්ෂින් -ඖෂධ සමඟ තුනක් දැලේ