
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
නීති විරෝධී සූදු සහ වෙනත් නීති විරෝධී ක්‍රියාකාරකම්වලට සම්බන්ධව සිටි වෙබ් අඩවි රැසක් අවහිර කර ඇතැයි විමර්ශන නිලධාරීහු මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවට දැනුම් දුන්හ.
ලංකාවේ රැඳී සිටිමින් සයිබර් අපරාධ ඇතුලු නීති විරෝධී ක්‍රියාකාරකම්වල නිරතවූ විදේශිකයන් සම්බන්ධයෙන්ද නීතිමය පියවර ගෙන ඇති බවත් ඇතැම් විදේශිකයන් අදාළ රටවල තානාපති කාර්යාල සමඟ සම්බන්ධීකරණයෙන් පිටුවහල් කර ඇති බත් ඔවුහු පෙන්වා දුන්හ.
සයිබර් අපරාධ විමර්ශන සඳහා අවශ්‍ය තාක්ෂණික සහ නීතිමය දැනුම සහිත මෘදුකාංග ඉංජිනේරුවන් සහ නීතිඥවරුන් බඳවා ගැනීමට පියවර ගෙන ඇති බවද නිලධාරීහු කාරක සභාව හමුවේ පැවසූහ.
එසේම බඳවා ගත් නව නිලධාරීන් සඳහා ක්ෂේත්‍ර පුහුණුව මෙන්ම විදේශීය පුහුණුවීම් ලබාදීමටද කටයුතු කරමින් සිටින බව නිලධාරීහු පෙන්වා දුන්හ.
එමෙන්ම, සයිබර් අපරාධ සහ මූල්‍ය වංචා සම්බන්ධ විමර්ශන කටයුතු වඩාත් කාර්යක්ෂම කිරීම සඳහා නව තාක්ෂණික පද්ධති හඳුන්වාදීම සහ කාලීනව ක්‍රියාත්මක කළ හැකි මධ්‍යගත පද්ධතියක් ස්ථාපිත කිරීමේ අවශ්‍යතාව පිළිබඳවද මෙහිදී සාකච්ඡා විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd