
(ටී.කේ.ජී.කපිල )
අන්සතු මැලේසියානු ගමන් බලපත්‍රයක් උපයෝගී කර ගෙන ඕස්ට්‍රියාවේ වියානා නුවර වෙත පළා යාම සදහා කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ ශ්‍රී ලාංකික තරුණයෙකු කටුනායක ගුවන් තොටුපොළ ආගමන විගමන දෙපාර්තමේන්තු දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .
මොහු 39 හැවිරිදි යාපනය , තෙලිප්පලෙහි පදිංචි තරුණයෙකි .
ඉන්දීය ගුවන් සේවයේ ඒ.අයි. - 282 දරන ගුවන් යානයෙන් ඉන්දියාවේ නවදිල්ලි නුවර වෙත ගොස් එතැන් සිට ඔස්ට්‍රියාවේ වියානා නුවර වෙත යාමට මෙම ගුවන් ගමන සැළසුම් කර තිබුණි .
මෙම තරුණයා ගුවන් සේවා සියලුම නිශ්කාශන කටයුතු නිම කර ගැනීමෙන් පසුව ගුවන් තොටුපොළ විගමන ප්‍රදේශය වෙත පැමිණ සිටි අතර , ඔහු පිළිබඳ ඇති වු සැක කටයුතු හැසිරීම මත කටුනායක ගුවන් තොටුපොළ ආගමන විගමන දෙපාර්තමේන්තු දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් විසින් මොහුගේ ලියකියවිලි වැඩිදුරටත් පරීක්ෂා කර තිබේ .
එහිදී මෙම ඔස්ට්‍ර්යා ගමන් බලපත්‍රය තැරැව්කරුවෙකුට රුපියල් ලක්ෂ 90 ක් ගෙන සකස් කර ගෙන ඇති බවත් , ඔහුගේ ගමන් මල්ලේ ඔහුගේ සැබෑ ගමන් බලපත්‍රය සහ කූඨ ලෙස සකස් කළ විගමන මුද්‍රාවක් ද තිබී ආගමන විගමන දෙපාර්තමේන්තු දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබුණි .
2025 දෙසැම්බර් මස 18
569
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
281
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1084
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
හොරෙන් ඕස්ට්‍රියාවට යන්න ගිහින් මාට්ටු
Pradeep Kumara Wednesday, 10 July 2024 09:26 AM
වැඩේ නීති විරෝධී වෙන්න ඇති. නමුත් රුපියල් ලක්ෂ 90ක් දීලා මේ රටින් යන්න හදන්නේ ඇයි කියලා කවුරුවත් හොයලා නොබලන්නේ ඇයි? අන්න ඒ හේතුව හොයා ගෙන ඊට ප්‍රතිකර්ම යොදන්න සියල්ලටම පළමුව.