IMG-LOGO

හොරණ රෝහලේ සෞඛ්‍ය සේවා නිලධාරිනියකටත් කොරෝනා

 

(මංගල එදිරිසිංහ)

හොරණ කදන්හේන කොවිඩ් රෝගියාගේ බිරිද රාජකාරී සිදු කළ හොරණ මූලික රෝහලේ පස් වන වාට්ටුවේ සෞඛ්‍ය සේවා නිලධාරිනියක් අද (8) සවස කොවිඩ් ආසාධිත තත්වයට පත්ව ඇතැයි මදුරාවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය එරන්දි  කුලරත්න මහත්මිය පැවසුවාය.

පෙරේදා  හොරණ මූලික රෝහල මගින් සිදු කළ පී.සී.ආර්. පරීක්ෂණයක ප්‍රතිඵල අද සවස නිල වශයෙන් ලැබී තිබූ අතර ඒ අනුව කොවිඩ් ආසාදිත වූ මදුරාවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශයේ යාල ග්‍රාමයේ පදිංචි සෞඛ්‍ය සේවා නිලධාරිනියක් නෙවිල් ප්‍රනාන්දු රෝහල වෙත යොමු කිරීමට කටයුතු කරන ලදී.

තව දුරටත් මේ පිළිබදව අදහස් දැක්වූ වෛද්‍ය එරන්දි කුලරත්න මහත්මිය පැවසුවේ මේ තත්වය මත ඇගේ නිවැසියන් ස්වයං නිරෝධායන සදහා ‍යොමු කිරීමටත්, ඇය ආශ්‍රය කළ පිරිස් සොයා ඔවුන්ව එම නිවෙස්වල නිරෝධායනය කිරීමටත්, ඇය ගමන් කළ ප්‍රදේශයේ කඩ කිහිපයක් තාවකාලිකව වසා දැමිමට කටයුතු කළ බවත්ය.

අගුරුවාතොට පොලිසීය, මදුරාවල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සහ මදුරාවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය, හොරණ මූලික රෝහලේ සහය ඇතිව කොවිඩ් ආසාධිත නිළධාරිනියව ගිලන් රථයක් මගින්  මාලබේ නෙවිල් ප්‍රනාන්දු රෝහලට යැවීමට කටයුතු කරන ලදී.



අදහස් (1)

හොරණ රෝහලේ සෞඛ්‍ය සේවා නිලධාරිනියකටත් කොරෝනා

Isuru Friday, 09 October 2020 11:08 AM

සති දෙකක් වැහුවා නම් හොඳයි නේද? නැත්නම් ඉන්දියාවේ වගේම වෙයි.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 138 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 422 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 65 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site