මත්වතුර පානය කරන අවස්ථාවේ ඇති වූ බහින්බස් වීමක් දුරදිග යාමෙන් අද (13) අලුයම සිදු වූ පිහි ඇනුමකින් හොරණ ප්‍රදේශයේදී පුද්ගලයකු මියගොස් ඇති බව පොලිසිය කියයි.

මරණකරු වැල්ලවත්ත, හික්කඩුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක් (40) බව පොලිසිය පවසයි.

පිහි ඇනුමින් බරපතල තුවාල ලැබූ පුද්ගලයා හොරණ රෝහලට අද(13) අලුයම ඇතුලත් කරන අවස්ථාවේ මියගොස් සිටි ඇතැයි පැවසේ.

පිහි අනුම සිදුකළ සැකකරු රෝහල් භූමියේ සිටින බවට ලද තොරතුරක් මත අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු හල්ලපිටිගල, ගාල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් (31) බව හොරණ පොලිසිය කියයි.

මෘත ශරීරය සම්බන්ධ මහේස්ත්‍රාත් පරීක්ෂණ හා මරණ පරීක්ෂණ සිදුකිරීමට නියමිත අතර හොරණ පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.