
(ශාන්ත චන්ද්‍රසිරි)
හෝර්ටන්තැන්න ජාතික වනෝද්‍යානය තුළ පිහිටි වලවේ ගංගාවේ ආරම්භ ප්‍රදේශයේ ජල පහරකට බැස දිය නෑමේ චෝදනාවට වරද පිළිගන්නා ලද ගුරුවරයෙකු හා සිසුන් තිදෙනෙකු හට එක් අයෙකුට රුපියල් 20,000 බැගින් රුපියල් 80,000 ක දඩ මුදලක් ගෙවන ලෙස නුවරඑළිය මහේස්ත්‍රාත් පමෝද ජයසේකර මහතා අද (23) නියෝග කළේය.
මෙසේ දඩ නියමවුයේ කොළඹ 05, කොළඹ 06, වැල්ලවත්ත හා පාදුක්ක යන ප්‍රදේශයන්ගේ පදිංචි පුද්ගලික අධ්‍යාපන ආයතනයක ගුරුවරයෙකු හා සිසුවියන් තිදෙනෙකු හටය.
හෝර්ටන්තැන්න ජාතික වනෝද්‍යානය නැරඹීමට පැමිණි වනෝද්‍යානය ඇතුලත වලවේ ගංගාව ආරම්භ සීමාවේ පිහිටි ජල පහරකට බැස දිය නාමින් සිටියදී වනෝද්‍යානයේ නිලධාරීන් විසින් මෙම පිරිස අත්අඩංගුවට ගෙන තිබිණි.
හොර්ටන්තැන්න ජාතික වනෝද්‍යානයේ භාරකරු ප්‍රදීප් කුමාර, නියෝජ්‍ය භාරකරු ටී. පී. දයාරත්න යන මහත්වරුන් ඇතළු නිලධාරීන් පිරිසක් වීසින් මොවුන් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔන්න ආදර්ශවත් ගුරුවරු.
අනේ ගුරුවරයාට අරගොල්ලන්ගේ දේශප්‍රේමී කෙනෙක් වෙන්න තිබ්බා. එතකොට ඕවා මොනවද කුරුණෑගල අර තැන කැඩුවත් බය නැතිව සැපෙන් ඉන්න පුළුවන්...
ඕකට මොකද ඔය තරම් ලොකු දඬුවමක් දුන්නේ..? ඔයාට වඩා ලොකු වැරැද්දක් කුරුණෘගල කරලා සැපෙන් ඉන්නේ.. අරගොල්ලෝ හින්දා වෙන්න ඇති..
හොඳයි..
අරගොල්ලෝ, මේ ගොල්ලෝ නෙවේ.. නීතිය සියලුදෙනාටම පොදුවෙන්න ඕනේ..
ඉස්සර නම් අපිත් ගිය වෙලාවේ නෑව ඔතන තව ගොඩක් අය නෑවා..
දන්නේ නැති හින්දයි අහන්නේ... හොර්ටන් තැන්නේ දිය ඇල්ලක වතුරෙන් මුහුණ හෝදගන්නත් තහනම්ද?