(යොහාන් භාසුර)
ඉන්ධන පිරවුම්හල්වල අක්‍රමිකතා පිළිබඳව පාරිභෝගික පැමිණිලි 200 කට අධික සංඛ්‍යාවක් ලැබී ඇති බවත් පාරිභෝගිකයාට නියමිත ප්‍රමාණයට ඉන්ධන ලැබීම සහතික කිරීම මහජන උපයෝගීතා කොමිසමේ වගකීම බවත් එම කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පැවසීය.
සමස්ත රටම ආවරණය වන පරිදි ඉන්ධන ඉන්ධන පිරවුම්හල් 60කින් මේ වන විටත් ඉන්ධන නියැදි ලබාගෙන ඇති බවත් ඉන්ධන නියැදි 20 ක් සාන්ත තාක්ෂණ ආයතනයට පරික්ෂා කිරීම සඳහා යොමු කර ඇති බවත් ජනක රත්නායක මහතා කීය.
බලශක්තිය අමාත්‍යාංශය, කිරුම් මිනුම් දෙපාර්තුමේන්තුව, පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සහ කර්මාන්ත තාක්ෂණ ආයතනය යන ආයතන සමඟ එක්ව ඛනිජ තෙල් පාරිභෝගිකයන්ගේ අයිතිවාසිකම් රැකගැනීමට කටයුතු කරමින් සිටින බවද ජනක රත්නායක මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd