
(ඉන්දිකා රාමනායක, බිමල් ශ්‍යාමන් ජයසිංහ, අමදෝරු අමරජීව හා සුගත් බද්දේගෙදර)
හරක් කටාටා උදව් උපකාර කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට සොයාන පොලිස් කොස්තාපල්වරයා විදේශ රටක සිට ඔහුගේ ඥාතීන්ට දුරකතනයෙන් කතාකර ඇති බවට තොරතුරු ලැබී ඇතැයි පොලිස් ආරංචි මාර්ග කියයි.
හරක් කටාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පලා පැන යාමේ අසාර්ථක උත්සාහායට උපකාර කළ බව කියන ත්‍රිකුණාමලය සේරුනුවර නිවසට කතා කර තමන් හොදින් සිටින බවට සිද්ධිය වූ දින දැනුම් දී ඇති බවත්, පසුදින නැවත කතා කර තමන් විදේශ රටක සිටින බවට දැනුම් දී ඇති බව එම ආරංචි මාර්ග පවසයි.
මෙම කොස්තාපල්ගේ ඥාතීන්ගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේ දී මේ බව හෙළි කරගෙන ඇත.
පොලිස් කොස්තාපල්වරයා සිද්ධිය වීමට පෙර සේරුනුවර ඔහුගේ මස්සිනට දි තිබු ලැප්ටොප් පරිඝණකයන් හා ඉහල වටිනා කමකින් යුත් ජංගම දුරකථනයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් අත්අඩංගුවට ගනු ලැබු බව එම ආරංචි මාර්ග පවසයි.
සැකකාර වැඩිමහල් සහෝදරියගේ සැමියා වන ඉහත පුද්ගලයා ගේ ප්‍රකාශ ලබාගැනීමේ ඔහු මෙම ලැප්ටොප් පරිගණකය හා දුරකතනය සම්බන්ධයෙන් මේ බව ප්‍රකාශ කළ බව පොලිස් ආරංචි මාර්ල පවසයි.
කොස්තාපල්වරයා හරක් කටා සමඟ සමීප සබඳතාවක් පවත්වන බවට කොස්තාපල්වරයාගේ පෙම්වතිය දැන සිට නොමැති බවට ඇයගෙන් කරන ලද ප්‍රශ්න කිරීමේ දී මෙතෙක් අනාවරණය වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ තල්දූව මහතා පැවසීය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රට පැනලා පොලිසිය නොමග යවන ගතියක් තමයි පේන්නේ. හැබැයි අපේ පොලිසිය එහෙම ලේසියෙන් නොමග යවන්න බෑ...!
හරක් කටා ද රට පැන්නේ? කොස්තාපල්ද රට පැන්නේ?
බැඳුම්කර හොරා රටේ ජනාධිපති වෙනවා. මුළු රටම හොරකම් කරපු රාජපක්ෂ පවුල සැපට ඉන්නවා.. අනිත් ඇමැතිහොරු පට්ට ආතල් එකේ ඉන්නවා. පාස්කු මිනීමරුවෝ නිදහසේ. ඉතින් අපිත් කීයක් හරි හොයාගත්තාම මොකද්ද වරද කියලා කොල්ලට හිතෙන්න ඇති... බලද්දී අවුලක් නැහැ වගේ නේද?