IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


හරක් කටාට විශේෂ ආරක්ෂාවක් යොදවයි

(ඉන්දිකා රාමනායක)

රැඳවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවා සිටියදි ආරක්ෂාවට සිටි විශේෂ කාර්ය බලකායේ උප පොලිස් පරීක්ෂකවරයකගේ රාජකාරි පිස්තෝලය උදුරාගෙන පලායාමට උත්සහ කළ බව කියන සිද්ධියෙන් අනතුරු හරක් කටාගේ ආරක්ෂාව තරකර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසයි.

විශේෂ කාර්ය බළකායේ 10 ට ආසන්න කණ්ඩායමක් ආරක්ෂාව සදහා අනුයුක්ත කර ඇති බවද පොලිස් ආරංචි මාර්ග පවසයි.

ඉකුත් (10) පස්වරුවේ හරක් කටා එහි ආරක්ෂාවට යොදා සිටි විශේෂ කාර්ය බලකායේ උප පොලිස් පරික්ෂවරයකුගේ ගිනි අවියක් උදුරාගන පලා යාමට උත්සහ කළ බව කියන සිද්ධියෙන් පසු ඔහුගේ ආරක්ෂාව තරකර ඇති බවද පොලිස් ආරංචි මාර්ග පවසයි.

 



අදහස් (5)

හරක් කටාට විශේෂ ආරක්ෂාවක් යොදවයි

කිරිපුතා Thursday, 14 September 2023 09:29 AM

ඇමැති ආරක්ෂාව දිය යුතුයි. මොකද මේ වගේ අයනේ ඊළඟට ඇමැතිලා වෙන්නේ...

:       2       16

Perera Thursday, 14 September 2023 09:40 AM

ඇමැති ආරක්ෂාව දුන්නා නම් හරි...

:       2       13

Indika Thursday, 14 September 2023 09:56 AM

‘‘මධුෂ්‘‘ ළඟට යවන්න වගේ සැලසුම...!

:       2       11

Aravinda Monarawila Thursday, 14 September 2023 11:03 AM

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ආරක්ෂා කරගෙන තවත් ආරක්ෂාවක් යොදවාගන්න, එහෙම නැතිනම් දේශපාලකයන්ගේ වුවමනා එපාකම් වලට වැඩ කරන්නේ මේ අපරාධ දෙපාර්තමේන්තුව අනිවාර්යයෙන් හරක් කටාව ඝාතනය කරනවා.

:       2       5

බද්රානි Thursday, 14 September 2023 01:22 PM

හරක් කටාට "සැලියුට්" එහෙම ගහලා නැද්ද තවම..? අනාගතයේ මේ රට බාර ගන්න ඉන්න කෙනෙක් වෙන්න බැරිද මේ...? ඔර්ජිනල් නම වෙනුවට අනවර්ථ නාමය භාවිතා කරන්න තරම් අපේ රටේ මාධ්‍යයත් හරිම සදාචාර සම්පන්නයි...මතු යම් දවසක, ඔර්ජිනල් නම භාවිතා කරලා රට ගැන හිතන දේශප්‍රේමී කතාවක් කලාම, මගේ චන්දය උනත් වැටෙන්න බැරි නැහැ මෙතුමාට...?

:       1       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 293 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 198 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 996 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site