(ඉන්දිකා රාමනායක)

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවා සිටින හරක් කටාගේ ආරක්ෂාවට සිටි විශේෂ කාර්ය බළකායේ උප පොලිස් පරීක්ෂකවරයකගේ රාජකාරි පිස්තෝලය උදුරාගෙන පලායාමට උත්සහ කළ බව කියන සිද්ධියෙන් පසු ඔහුගෙන් ප්‍රශ්න කළ මහජන පැමිණිලි විමර්ශන අංශයේ නිලධාරීන් හත් දෙනකු විමර්ශන අවසන් වනතෙක් අද (13) සිට එම ඒකකයෙන් ඉවත් කර වෙනත් අංශ වෙත ස්ථාන මාරුකර ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසයි.

මෙම කණ්ඩායමේ පලා ගිය කොස්තාපල්වරයාට ඇතුලු එම ඒකකයේ 8 දෙනකුගේ සමන්විත කණ්ඩායමක් සිට ඇති අකර, ඉතිරි 7 දෙනාට මෙම ස්ථාන මාරුවීම ලබා දී ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසයි.

ස්ථාන මාරුවීම් ලද පිරිස අතර උප පොලිස් පරික්ෂකවරයකු, පොලිස් කොස්තාපල්වරුන් සිවි දෙනකු හා කොස්තාපල්වරියක සිටින බවත්, ඔවුන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේම වෙනත් අංශ වෙත මාරු කර ඇති බවද පොලිස් ආරංචි මාර්ග වැඩිදුරටත් පවසයි.