IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


හරක් කටා අත්අඩංගුවට ?

(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

පාතාල ලෝකයේ නායකයකු සහ ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු ලෙස සැලකෙන නදුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක්කටා සහ තවත් පාතාල නායකයකු බව කියන සලිදු මල්ශිත ඇතුළු පාතාල ක්‍රියාකාරකයන් පස්දෙනකු මැඩගස්කරයේ දී අත්අඩංගුවට පත්ව ඇති බව එරට වෙබ් අඩවියක් විසින් වාර්තා කර ඇතැයි නිල නොවන ආරංචි මාර්ග වලින් දැන ගැනීමට ඇත.

මෙම පස් දෙනා සමඟ හරක්කටාගේ අනියම් බිරිඳ බවට පැවසෙන මැලේසියානු ජාතික කාන්තාවක් සහ ඇගේ පියා ද එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව එම නිල නොවන ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.

අත්අඩංගුවට පත්වූ පත්වූ මැලේසියානු ජාතික කාන්තාව ලඟ මිලියන 38ක මුදල් තොගයක් ද තිබී එරට පොලීසිය බාරයට ගෙන ඇති බව එම වෙබ් අඩවිය තව දුරටත් වාර්තා කර ඇති බව නිල නොවන ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.

මොවුන්පෞද්ගලික ජෙට් යානයකින් මැඩගස්කරයට පැමිණ හෝටලයක නවාතැන් ගෙන සිට පසුව වාහන දෙකකින් ගමන් කරමින් සිටියදී පොලීසියට කොටු වී ඇතැයිද එම නිල නොවන ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

මෙම පාතාලයන් අත්අඩංගුවට ගැනීමේ සිද්ධියහි අසත්‍යතාවය ගැන තහවුරු කර ගැනීමට මෙරට බුද්ධි අංශ සහ පාතාල මර්ධන කටයුතු මර්දන කටයුතුවල නිරතව සිටින විශේෂ පොලිස් කණ්ඩායම්තොරතුරු සොයා බලා ගෙන යන බව උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට  පැවසීය.

 



අදහස් (0)

හරක් කටා අත්අඩංගුවට ?

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 380 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 225 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1019 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site