
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
රුපියල් 5000 ව්‍යාජ නෝට්ටු සමඟ කාන්තාවක සහ පිරිමි පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව කළුතර දිසා අපරාධ කොට්ඨාසය සඳහන් කරයි.
එම සැකකාරිය හා සැකකරු සන්තකයේ තිබී රුපියල් 5000 ව්‍යාජ නෝට්ටු 5 ක් පොලිස් භාරයට ගෙන ඇත.
කළුතර දිසා අපරාධ කොට්ඨාසය වෙත ලද තොරතුරක් අනුව කළුතර නාගස් සන්ධිය අසලදී මෙම වැටලීම සිදුකර ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු සහ සැකකාරිය කළුතර දකුණ ප්‍රදේශයේ පදිංචි 50 හැවිරිදි වියේ පසුවන්නන්ය.
කළුතර දිසා අපරාධ කොට්ඨාසය පරීක්ෂණ පවත්වයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd